ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නාමල් රාජපක්ෂ මහතාට බියෙන් වෙවුලුවද, තමන් එවැනි දෙකයි පනහේ වැඩවලට බිය නොවන බව ජනප්‍රිය සංගීතවේදී ඉරාජ් වීරරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තුවේ නිල විපක්ෂ නායකවරයා වෙනත් අයෙකු වුවද, රටේ සැබෑ නිල නොවන විපක්ෂ නායකයා ලෙස ක්‍රියා කරන්නේ නාමල් රාජපක්ෂ බව සඳහන් කළ ඒ මහතා, ආණ්ඩුව සහ එහි ආධාරකරුවන් නාමල්ට නොනවත්වා පීඩා කරන්නේ එම බිය නිසා බවත්, මේ සියල්ලම ආණ්ඩුවේ පිරිස් සතුටු කිරීමට සිදුකරන පහත් මට්ටමේ වැඩක් බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.
