gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"මම අවු 17 කසාද බැන්දේ... මේ අපායෙන් ගැලවෙන්න තියන එකම ක්‍රමය කසාදය කියලා..." - චන්නව කසාද බැදපු හේතුව ගයාත්‍රි හෙළිකරයි

කසාදය එහෙමත් නැත්තම් විවාහය කියන එක කොච්චර සැලසුම් කරනවා ද මිනිස්සු විශේෂයෙන් ජනප්‍රිය තරු රංගන ශිල්පින්, නමුත් ඉන්න හිටින්න තැනක් නැතුව ගෙයක් දොරක් වාහනයක් ලැබෙන නිසා පුළුවන් ඉක්මනින් කසාද බදින අයත් ඉන්නවා, එහෙම බැදලා සාර්ථක වෙන අයත් ඉන්නවා

එහෙම ප්‍රශ්න ගොඩක් එක්ක කසාද බැදපු කෙනෙක් තමයි ගයාත්‍රි ඩයස් කියන්නේ, ඇය Mirror Arts වැඩසටහනේදී මෙසේ ප්‍රකාශ කළා

"ගොඩ දෙනෙක් හොයනවනේ මම අඩු වයසෙන් කසාද බැන්දේ ඇයි කියලා, මම අවුරුදු 17න් කසාද බඳින්න හේතුව තමයි මට ඉන්න ගෙදරක් නොතිබිබ එක, මට ඉන්න පවුලක් නොතිබිබ එක, මුලදීම කල්පනා කළේ මේ ඉන්න අපා යෙන් කොහොමද මම ගැලවෙන්නේ කියලා, මම එහෙම ඉන්න වෙලාවක චන්න අයියා නාට්‍යයකදී මට හම්බවෙලා මාව බදින්න කැමතියි කියන වෙලාවේ මට හිතුනා මෙතන තමයි මගේ ජීවිතේ වෙනස් කරගන්න තියෙන හොදම තැන කියලා, මට මේ ගෙදර පරිසරයෙන් මිදෙන්න හොදම තැන කියල ඒ වගේම මට ඉන්න තැනක් ලැබෙනවා ,මට ගෙයක් ලැබෙනවා, මට ඉන්න පවුලක් ලැබෙනවා කියන දේ හිතලා තමා මම ඊළඟ Step එක හැටියට තමයි මම ටක් ගාලා කසාදෙට හා කිව්වේ.. "

රාජපක්ෂ කැදැල්ලට අලුත් සාමාජිකයෙක්! මේනක – නෙහාරා යුවළගේ තෙවැනි පුතු මෙලොව එළිය දකී!

ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් යුවළගේ ආදරණීය පවුලට තවත් පුංචි අමුත්තෙකු එක්ව තිබෙනවා.

සිය පවුලේ සතුට දෙගුණ තෙගුණ කරමින් ඔවුන්ගේ තෙවැනි දරුවා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මෙලොව එළිය දැක ඇති බව නෙහාරා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ආදරණීය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.

MONTY NOAH RAJAPAKSE ලෙස නම් තබා ඇති මෙම පුංචි පුතු උපත ලබන විට කිලෝග්‍රෑම් 4.239ක බරකින් සහ සෙන්ටිමීටර් 50.17ක උසකින් යුක්ත වූ බවද ඇය සඳහන් කර තිබෙනවා.

තම අලුත්ම පවුලේ සාමාජිකයා පිළිගනිමින් නෙහාරා මෙලෙස ආදරණීය සටහනක් එක්කර තිබුණා.

“With hearts overflowing with happiness, we welcome our precious 3rd baby, MONTY NOAH RAJAPAKSE! You are our newest blessing, our sweetest little miracle, and forever a piece of our hearts. Mama, Dada, Meili & Norie love you endlessly!”

ඒ අනුව මේනක සහ නෙහාරාගේ පුංචි කැදැල්ලට එක්වූ මෙම නව සාමාජිකයාගේ පැමිණීම වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ හිතවතුන් මෙන්ම රසික රසිකාවියන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සුබපැතුම් එක්කරමින් සිටිනවා.

ආදරයෙන් පිරුණු රාජපක්ෂ කැදැල්ලට එක්වූ පුංචි මොන්ටි නෝවා පුතුට නිදුක් නිරෝගී සුවයත්, වාසනාවන්ත අනාගතයක් සහ දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමු!

ගුවන් යානාවක් කඩා වැටේ... මගීන් සියල්ල මරුට!

 පුද්ගලයින් නව දෙනෙකු රැගත් පෞද්ගලික ජෙට් යානයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් (Palm Beach County) හි ජනාවාස කලාපයකට කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීහු තහවුරු කරති.
ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්-බර්ග්ස්ට්‍රෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගමන් ආරම්භ කර තිබූ ‘ලියර්ජෙට් 60’ වර්ගයේ මෙම පෞද්ගලික ගුවන් යානය බහමාස් රාජ්‍යයේ නෝර්ත් එලුතෙරා ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබියදී මෙම අනතුරට මුහුණ පා ඇත. 

ෆ්ලොරිඩාවේ ක්‍රෙස්ට්හැවන් ප්‍රදේශය ආසන්නයේ පිහිටි නිවාස සංකීර්ණයක් අසලට යානය කඩා වැටී තිබේ.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ සහන සේවා සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස අවට පදිංචිකරුවන් 600 කට ආසන්න පිරිසක් වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. යානය ගොඩබිම පිහිටි ජනාවාසයක් මතට පතිත වුවද, පොළොව මට්ටමේ සිටි කිසිදු ප්‍රදේශවාසියෙකුට ජීවිත හානි සිදුව නොමැති බව බලධාරීහු තහවුරු කරති.

මූලික විමර්ශනවලට අනුව, ගුවන් නියමුවා විසින් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මඳ වේලාවකට පෙර, ගුවන් යානයේ පියාපත් හෝ බඳෙහි අයිස් තැන්පත් වෙමින් පවතින බව සහ මධ්‍යස්ථ මට්ටමේ කැලඹිලි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව ගුවන් ගමන් පාලක මැදිරිය වෙත වාර්තා කර ඇත. ඊට සුළු මොහොතකට පසු යානය ක්ෂණිකව සහ වේගයෙන් පොළොව දෙසට ඇදී ගොස් ඇති බව ගුවන් ගමන් පාලන හඬ පටමගින් අනාවරණය වී තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) පූර්ණ සහාය ඇතිව, ඇමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතත්, යානය කඩා වැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගුවන් ආරක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ, අධික ශීත කාලගුණය පවතින අවස්ථාවලදී ගුවන් යානාවල බඳෙහි අයිස් තැන්පත් වීම හේතුවෙන් යානයේ වායුගතික සමතුලිතතාව බිඳවැටී එන්ජින් හෝ පියාසැරි පාලනය අක්‍රිය වීමේ බරපතළ අවදානමක් පවතින බවයි. 

ලොව ප්‍රචලිත මධ්‍යම ප්‍රමාණයේ සුඛෝපභෝගී ව්‍යාපාරික ජෙට් යානයක් වන 'ලියර්ජෙට් 60' යානයක සිදුවූ මෙම අනතුරට හේතුව තහවුරු කරගැනීම සඳහා ඉදිරියේදී යානයේ පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය හෙවත් කළු පෙට්ටිය ආශ්‍රිත දත්ත ගැඹුරින් විශ්ලේෂණය කිරීමට නියමිතය.

'කාවන්තිස්ස' ඇතාගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට විපක්ෂ නායක සජිත් සැරසෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සියඹලාංගමුව වැව් රක්ෂිතයේ සැරිසැරූ 'කාවන්තිස්ස' ඇතාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. 

මෙම ප්‍රතිමාව අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට අයත් වතු පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට නියමිතයි.

ප්‍රතිමාවට අමතරව, මෙරට අලි-මිනිස් ගැටුම සමනය කිරීම සහ අලි-ඇතුන් සංරක්ෂණය අරමුණු කරගත් නවීන පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ පුස්තකාලයක් ද මෙම භූමියේ ඉදිවනවා. 

මෙම සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් 'කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය' හරහායි.

ජංගල් බීච්හි සංචාරයේ යෙදුණු ප්‍රංශ තරුණියට 21 හැවිරිදි ලංකික තරුණයෙක් කරපු කැත වැඩේ!

රූමස්සල ජංගල් බීච් ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි 20 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියකට ලිංගික අතවරයක් සිදුකළ බවට සැකකෙරෙන 21 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් භාරයට ගෙන ඇති බව ඊයේ  (01) වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී එම ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණි අයෙකු බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත උණවටුන සංචාරක පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රංශ සංචාරක තරුණියගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිසිය විසින් සැකකරු හබරාදූව පොලිසියට භාර දී ඇති බව වාර්තා වේ. සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නරීටාහි භාණ්ඩ සොරකම් කලැයි ශ්‍රී ලංකා ගුවන් සේවිකාවක් ජපානයේ පොලිස් භාරයට.. මෙන්න සම්පූර්ණ විස්තරේ!

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්න 'ඉයොන්' (Aeon) සුපිරි වෙළඳ සංකීර්ණයේදී භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවක් මත ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් කාර්ය මණ්ඩල සේවිකාවක එරට පොලිස් භාරයට පත්ව තිබේ.

ජපාන අපරාධ නීතිය යටතේ විමර්ශන අවසන් වන තෙක් සැකකරුවකු දින 21ක උපරිම කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ බලය එරට ආරක්ෂක අංශ සතුය. ඒ අනුව අදාළ සේවිකාව මේ වන විටත් පසුවන්නේ එරට නීතිමය රැඳවුම් භාරයේය.

💠 බලපෑම්වලට ඉඩ නොදෙන දැඩි ජපාන නීතිය

ජපානයේ අපරාධ විමර්ශන පද්ධතිය සකස්ව ඇත්තේ බාහිර පුද්ගල සබඳතා මත නීතිය නැමීමට කිසිදු ඉඩක් නොතබන ආකාරයෙනි. සුළු සොරකමකදී වුවද නඩු විභාගයට පෙර කාලය තුළ සැකකරුවන් ඇප මත මුදාහැරීම ජපාන පොලිසිය ප්‍රතික්ෂේප කරයි.

මේ අතර, ගුවන් සේවයේ ඉහළ පෙළ බලධාරීන් කිහිපදෙනෙකු ජපාන බලධාරීන් සමඟ සෘජුව කතාබස් කර ඇය මුදාගැනීමට දැඩි පරිශ්‍රමයක නිරත වන බවට තොරතුරු වාර්තා වේ. දේශීය දේශපාලන හෝ ආයතනික බලපුළුවන්කාරකම් මත ජපාන පොලිස් ක්‍රමවේදයට බලපෑම් එල්ල කළ නොහැකි බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අවධාරණය කරයි.

💠 ගුවන් සේවා අභ්‍යන්තරයෙන් නැගෙන දැඩි විරෝධය

මෙම මුදාගැනීමේ මෙහෙයුම පිටුපස සිටින්නේ ගුවන් ගමන් සේවා අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවට කාර්ය මණ්ඩලය අතර දැඩි විවේචනයක් නිර්මාණය වී තිබේ. අතීතයේදී කාර්ය මණ්ඩල සාමාජිකාවන් සම්බන්ධයෙන් මතභේදාත්මක චෝදනාවලට ලක්වූ පුද්ගලයින් මෙලෙස පෞද්ගලික මැදිහත්වීම් සිදුකිරීම ආයතනික විනය පිරිහීමක් බව සේවකයෝ පෙන්වා දෙති.

ජාතික ගුවන් සේවයේ ජාත්‍යන්තර කීර්තිනාමයට එල්ල වන හානිය සැලකිල්ලට ගෙන, මෙවැනි අකටයුතුකම් පිළිබඳව කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහසයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රීලන්කන් ගුවන් සේවා බලධාරීන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

ලොකු තෑග්ගක් දෙනවා කියා රවටා රු. 1,455,000 මුදලකට විද්ද නුගේගොඩ සුරූපී කාන්තාව මාට්ටු...

WhatsApp සමූහය මගින් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා රුපියල් 1,455,000ක මුදලක් සැකකාරියගේ ගිණුම වෙත බැර කරවා ගෙන මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව, 2026 ඔක්තෝබර් 30 දින උදෑසන කටුනායක ගුවන්තොටුපළ මගී පර්යන්තයේදී මෙම වංචාවට සම්බන්ධ සැකකාරිය විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka