රූමස්සල ජංගල් බීච් ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි 20 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියකට ලිංගික අතවරයක් සිදුකළ බවට සැකකෙරෙන 21 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් භාරයට ගෙන ඇති බව ඊයේ (01) වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී එම ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණි අයෙකු බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත උණවටුන සංචාරක පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රංශ සංචාරක තරුණියගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිසිය විසින් සැකකරු හබරාදූව පොලිසියට භාර දී ඇති බව වාර්තා වේ. සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
