විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සියඹලාංගමුව වැව් රක්ෂිතයේ සැරිසැරූ 'කාවන්තිස්ස' ඇතාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ප්‍රතිමාව අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට අයත් වතු පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට නියමිතයි.
ප්‍රතිමාවට අමතරව, මෙරට අලි-මිනිස් ගැටුම සමනය කිරීම සහ අලි-ඇතුන් සංරක්ෂණය අරමුණු කරගත් නවීන පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ පුස්තකාලයක් ද මෙම භූමියේ ඉදිවනවා.
මෙම සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් 'කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය' හරහායි.
