gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

හිටපු ASPගේ 51 හැවිරිදි පුතා කොල්ලුපිටියේදී වෙඩි තැබුවේ තුවාල ලැබූ කාන්තාව වෙනත් තරුණියක් නිවසට රැගෙන ආ නිසා!

කොල්ලුපිටිය 6 වන පටු මඟ පිහිටි පාම් කෝට් මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ (04) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා ප්‍රකාශ කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ 51 හැවිරිදි අවිවාහක පුත්‍රයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු වෙඩි තැබීමට යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ දෙකක් සහ වායු රයිෆල් දෙකක් සමඟ පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තුවාල ලැබූ කාන්තාව සැකකරු සමඟ කාලයක සිට සමීප සබඳතාවක් පවත්වා ඇති අතර, පසුගිය 03 වැනි දින රාත්‍රී කාලයේ වෙනත් තරුණියක්ද සැකකරුගේ නිවස වෙත රැගෙන පැමිණීම මෙම ගැටුමට හේතු වී ඇති බවයි. කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම අඹුසැමි යුවළ ප්‍රතිකාර සඳහා මේ වන විට කොළඹ ජාතික රෝහලේ රෝහල්ගත කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka