gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මංගල උත්සවයේදී මනාළිය පෙම්වතා සමග පලා යයි - මනාලයා නැගණිය සමග විවාහ වෙයි

විවාහය සඳහා අත්සන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී "මම මෙම විවාහයට කැමති නැතැයි" පවසමින් මනාලිය හෝටලයෙන් පිටවී පෙම්වතා යැයි කියන අයෙකුගේ මෝටර් රථයක නැගී පලා ගිය අමුතු සිදුවීමක් දුම්බර ප්‍රදේශයේ නගරයකින් වාර්තා වේ.

සීතල කඳුකර නගරයකට ආසන්නව පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයකුට, මගුල් කපුවකු මාර්ගයෙන් දුම්බර ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණියක මංගල යෝජනාවක් ලෙස හිමි වී තිබුණි. දෙපාර්ශ්වයේ කැමැත්ත මත මනාලිය පදිංචි ගමට ආසන්න නගරයේ හෝටලයක මංගල උත්සවය සංවිධානය කර තිබූ අතර, ඊට දෙපාර්ශ්වයේම නෑ හිතමිතුරෝ රැසක් සහභාගී වී සිටියහ.

පෝරුවේ චාරිත්‍රවලින් අනතුරුව විවාහ සහතිකයට අත්සන් තැබීමට සූදානම් වන අවස්ථාවේදී, මනමාලයා අසල අසුනේ වාඩි වී සිටි මනාලිය එකවරම "මම මෙයා විවාහ කර ගැනීමට කැමති නැහැ" යැයි පවසා අසුනෙන් නැගිට හෝටලය ඉදිරිපිට මාර්ගයට දිව ගොස් ඇත. ඒ සමඟම එහි පැමිණි මෝටර් රථයකට නැගී ඇය පලා ගොස් ඇති අතර, ඒ හේතුවෙන් මනාලයා ඇතුළු දෙපාර්ශ්වයේම නෑ හිතමිතුරන් දැඩි ලෙස අන්දමන්ද වී තිබේ.

සිදුවූ අපහසුතාවයට මනාලියගේ ඥාතීන් සමාව අයැද සිටියද, මනාලියක නොමැතිව ගමට යාමට මනාලයා අකමැති වී ඇත. පසුව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, මනාලියගේ ඥාති අවිවාහක නැගණියක මනාලයාට සහකාරිය වශයෙන් ලබා දීමට තීරණය කර තිබේ. ඇයගේද අකමැත්තක් නොවීම හේතුවෙන් චාරිත්‍රානුකූලව එම විවාහය සිදු කර නව මනාලිය සමඟ ගමට යාමට මනාලයාට හැකි වී ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka