gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

Sri lanka police ලෙස නම සඳහන් ඇඳුමකින් සැරසි, පෙරහැර බලන්න ආපු තරුණියක් මහනුවරදී අත්අඩංගුවට!

'ශ්‍රී ලංකා පොලීසිය' යනුවෙන් සඳහන් නිල් පැහැති ටී-ෂර්ට් එකක් පැළඳ පොලිස් නිලධාරිනියක ලෙස පෙනී සිටිමින් මහනුවර ඇළහැර පෙරහැර නැරඹූ 25 හැවිරිදි තරුණියක් මහනුවර මූලස්ථාන පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය අගෝස්තු 26 වනදා රාත්‍රියේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකාර තරුණිය සතුව තිබූ බෑගය පරීක්ෂා කිරීමේදී 'ශ්‍රී ලංකා පොලීසිය' ලෙස සඳහන් නිල් පැහැති කබායක් සහ පොලිස් නිල ලාංඡන කිහිපයක් සොයාගෙන ඇති අතර, ඇගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ලබාගත් ඡායාරූප රැසක්ද හමුවී තිබේ. තරුණයකු සමඟ පවත්වාගෙන ගිය ප්‍රේම සබඳතාවක් හේතුවෙන් තමන් පොලීසියේ සේවය කරන බව පවසමින් ඔහුව රැවටීම සඳහා මෙම ව්‍යාජ ලෙස පොලිස් නිල ඇඳුම් හා ලාංඡන භාවිතා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පෙරහැර නැරඹීම සඳහා රාජවීදිය ප්‍රදේශයේ රැඳී සිටියදී පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට මතු වූ සැකය මත කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලිස් නිලධාරිනියක් ලෙස පෙනී සිටීමට උත්සාහ කර ඇති නමුත්, පසුව ඇය පොලීසියේ සේවය නොකරන බව තහවුරු වීමත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක (Clean Service) සේවිකාවක වන අතර, මීට පෙර පොලිස් ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි තැනැත්තියක් බවද අනාවරණය වී තිබේ. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka