gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ගණේමුල්ල සංජීවගේ ඝාතන විමර්ශනවලට සෙව්වන්දිගෙන් ප්‍රකාශයක් ගැනීමට CCDයට අධිකරණ අවසර!

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන සඳහා, අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දී නමැත්තියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) ඊයේ (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඉල්ලා සිටියේය.

සිද්ධියට අදාළව මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළ අතර, ලබන 2 වන දින අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා බන්ධනාගාර අධිකාරිවරයා දැනුවත් කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීමට අවසර ලබා දෙමින් නියෝග නිකුත් කළේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka