gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කොරකහවැව කැලේට බිරිඳව බයිසිකලේ දාගෙන ගොස් පිහි පහරින් එලොව යවා සැමියාත් ‍රිද්දගෙන!

අනුරාධපුර, කොරකහවැව ප්‍රදේශයේ රක්ෂිතය තුළ තම ස්වාමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහර දී එලොව යවා ඔහුද රිද්දගෙන.

ස්වාමියා බිරිඳ සමඟ අද පෙරවරුවේ යතුරුපැදියකින් මෙම රක්ෂිතය වෙත ගොස් ඇති අතර එහිදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. සැමියාගේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ බිරිඳ එම ස්ථානයේදීම එලොව යවා ඇති අතර, තුවාල ලැබූ සැමියා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙමයට හේතුව පුද්ගලික ආරවුලක් බවට පොලිසිය සැකපල කරන අතර, මෙසේ මිය ගොස් ඇත්තේ උලුක්කුලම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි තිදරු මවක් වන අශෝකා කුමාරි රඹුක්වැල්ල නැමැති කාන්තාවක්. සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට නියමිතයි.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka