gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

14 හැවිරිදි පාසල් සිසුවා සරුංගල් යවන්න ගිය වෙලේ තාත්තාගේ ගජ මිතුරා ලිංගික අතවර කරලා!

පාසල් වියේ පසුවන දාහතර හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ ඔහුගේ පියාගේ මිතුරෙකු එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් අනුරුද්ධ සමරවීර මහතා නියෝග කර තිබේ. 

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ ඇත්තේ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි ලියනආරච්චි කංකානම්ගේ ඉඳුනිල් ප්‍රියදර්ශන නමැත්තෙකි.

අවුරුදු 14කුත් මාසයක් වයසැති අදාළ බාලවයස්කාර පාසල් දරුවා සිය නිවස ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණය වෙත ගොස් ඇත්තේ සරුංගල් යැවීමේ නිරත වීමටය. එහිදී සැකකාර පියාගේ මිතුරා විසින් අදාළ දරුවා අතවරයට ලක්කර ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධියට මුහුණ පෑ දරුවා ලබාදුන් ප්‍රකාශය පදනම් කරගනිමින්, ඌරුබොක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා දේවිකා මහත්මිය විසින් පරීක්ෂණ මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

අනතුරුව ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් ධනුෂ්ක (78230) නිලධාරියා විසින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, ඌරුබොක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka