gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඒ නිළිය මගේ අනාගතේම විනාශ කළා...සුපර් ස්ටාර් ගී තරුව ලෙඩ ඇදට දැමූ ජනප්‍රිය නිළියගේ හපන්කම...

මෙම තරුණිය රැකියාව කරන්නෙ වෝටර්ස් ඒජ් හෝටලයේ මානව සම්පත් කලමණාකාරවරියක් ලෙස. ඇය බොහෝ දක්ශතා ඇති දීප්තිමත් පැහැදිලි අනාගතයක පේන මානයේ සිටිය උත්සහවන්ත ලස්සන තරුණියක්. වයස හතරක විතර කුඩා දියණියකගෙ මවක්...

මේ අනතුරට ඇය මුහුණපාන්නෙ වෝටර් ඒජ් හෝටලයේ කාර් පාර්ක් එක අසලින් සිය සේවා ස්ථානයට පයින් ගමන් කරමින් සිටියදි. තවත් එහිම සේවය කරන තරුණියක් සමඟ ඇය නවත්වා තිබෙන වාහනයක් අසලින් යද්දි ඒ වාහනය යම්කිසි හේතුවක් නිසා පාලනයෙන් මිදිලා නොහිතු වෙලාවක මේ තරුණියන් දෙදෙනාව ඊට යට වෙනවා..

ඒ අවස්ථාවෙ මේ වාහනයෙ හිමිකාරිය වන සුප්‍රසිද්ධ නිලියත් මේ වාහනය තුල ඉන්නවා..

බරපතල තුවාල ලබන තරුණියන් දෙදෙනා ජාතික රෝහලට ඇතුලත් කරන්නෙ හෝටලයේ ඩිලිවරි කරන ලොරියකින්.. අනතුරෙන් පසුව වාහනයෙන් බිමට බසින නිලිය

" අයියො මගෙ වාහනේ " කියමින් විලාප තියනවා!!

නමුත් වාහනයට හසුවී ලේ ගලන බරපතල තුවාල සහිතව ඉන්න තරුණියන් දෙස ඇය ඇහැක් ඇරලා බලන්නෙ නෑ. ඒ වෙනුවට වාහනයට සිදුවු අනතුර පිලිබද කම්පා වීම නිසා තමන්ටද පපුව රිදෙනවා යැයි පවසමින් ඇය තනියම ඇම්බියුලන්ස් එකක් කෝල් කරන් රෝහල් ගත වෙනවා

මේ ඉන්ටර්විව් එකට මුහුණ පාන තරුණියන් දෙදෙනාගෙන් මේ තරුණියගෙ කකුල් දෙකම කැඩෙනවා. මේ වසරක කාලය පුරාවට ඇය තමුන්ගෙ කකුල් දෙක සනීප කරගන්න සැත්කම් 15 ට වඩා සිදුකර තිබෙනවා. ඇය වසරකට ආසන්නව වරින් වර රෝහල් ගතව අත්වින්දාවු බරපතල ශාරිරික මානසික පීඩාවන් ගැන ඇය කියනකොට ඇත්තටම හදවත රිදෙනවා. අනේ ඇයි මේ පාඩුවෙ ඉන්න ලස්සන ජිවිතයක් තිබුන ඇයට එහෙම උනේ..

මේ කතාවෙ සාහසිකම කොටස ඒක නෙමෙ .

අවුරුද්දකට පස්සෙත් ඇයට තාම කකුල් දෙක බිම තියන්නවත් බෑ..එක මාංශපේශියක් ඇයට සදහටම අහිමි වෙනවා. තවමත් යන්තම් හෝ ඇවිද ගැනීමක් ගැන ඇයට කිසිම පැහැදිලි බලාපොරොත්තුවක් හෝ නෑ..

එතකොට කෝ අර ප්‍රසිද්ධ නිලිය...??

ඇය මේ තරුණියට උදව් කලාද? මේ කාලය තුල ඇය ගැන සොයා බැලුවද ??

නෑ ඇය අනතුරෙන් පසු මේ දක්වා මේ තරුණිය බැලීමට එක්වරක් පැමිණ හෝ කතා බහ කර දුක සැප විමසා හෝ නෑ.. තනිකරම කටයුතු කර තිබෙන්නෙ ඉතාම දුශ්‍ට ලෙස.

රථවාහන අනතුරු කියන්නෙ කවුරුත් සිතාමතා කරන දේවල් නෙමෙ. සමහර අනතුරු ඇත්තටම වලකාගන්න පුලුවන් සීමාවක පවා නෑ. අපි ඒක තේරුම් ගන්න බැරි මිනිස්සුත් නෙමෙයි..

හැබයි මගේ වාහනේකට බල්ලෙක් පූසෙක් යට උනත් මට මැරෙන මොහොත දක්වා ඒක අමතක කරන්න බැරි වෙයි..

කොටින්ම කාගේ වරද නිසා හෝ මගෙ අතින් මනුස්සයෙක් හැප්පිලා මෙහෙම උනොත් මම නීතීයෙන් ගැලවීම පිනිස නිසා නෙමෙ මගෙ ආත්මයට ශාන්තිය අවශ්‍ය නිසා දිවි ඇති තෙක් හෝ ඒ හැප්පුන අයව බලාගන්නවා මගෙ උපරිමයෙන්

හැමෝම එක විදියට නොහිතන බව ඇත්තයි..

ඒත් කෙනෙක්ගෙ ජිවිතේ දීප්තිමත් අනාගතයක් විනාශ කරන්න දශමෙක හරි හේතුවක් වෙලා අපිට සැනසීමෙන් නින්ද යයිද???

ඒ නිසාම හොයා බැලුවා කවුද මේ දුශ්ට දුර්ජන නිලිය කියලා..

මේ ඉන්ටර්විව් එකේ කොහෙවත් ඇගේ නම සදහන් කරන්නෑ..

වෝටර්ස් ඒජ් එකෙ ස්ටාෆ් කෙනෙක්ට වසරකට පෙර උන රිය අනතුර ගැන මම සොයලා බැලුවම මේ අනතුර සිදුකර තියෙන්නෙ

මේ දිනවල ජනප්‍රිය නිලියක්.. ඇය නිකම් නිලියක් නෙමෙ දුශ්ට දුර්ජන චරිත වලටම පෙනී ඉන්න නිලියක්!!

මන් හිතන්නෙ දුශ්ට චරිත සදහා ඇය ආයාසයෙන් රග නොපානවා ඇති..ඒ තරමට දුශ්ටකමට ප්‍රතිමූර්තියක් ඇගේ පෙනුම පවා. හොදම කතාව කියන්නෙ මේ නිළිය වෘර්තියෙන් ගුරිවරියක්..

මේ ඊයෙ පෙරේදා කොන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගෙ දුශ්ටකම ගැන ලියපු වෙලේ එක් කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා.

" චාන්‍යා ඔය ටෙලිඩ්‍රාමා හෝ ෆිල්ම් වල විලන්ගෙ කැරැක්ටර් එක දක්ශ ලෙස සමහරු කරන්නෙ එයාලාගෙ රඟපෑමෙ විශිශ්ටත්ව මගුලක් නිසා නෙමෙ. උන් ඇත්ත ජිවිතෙත් පට්ට දුශ්ට නිසා උන්ට ඒවයෙ රඟපාන්න දෙයක් ඇත්තෙ නැති තරම් තාත්විකයි""

එවෙලෙ ඒ කමෙන්ට් එකත් එක්ක වැඩිය එකග උන්නෑ. දැන් හිතෙනවා ඒකෙ සෑහෙන සත්‍යයක් කියලා..

අන්තිමට මතක මේ ගෑනු ලමයා කියපු එක දෙයක් පිහි තුඩකින් වගෙ මගෙ පපුවෙ හීනියට ඇනුනා..

" මම වෙලාවකට පැය ගනන් ටයිල් පොලව දිහා ඔහේ බලන් ඉන්නවා. අනේ මට ආයි ඇවිදින්න ඕනෙ නෑ. ඒත් අඩු ගානෙ මගෙ කකුල් දෙකවත් බිම තියන්න පුලුවන් දවසක් මට ආයේ එනවා නම්???"

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka