gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සමිතා මුදුන්කොටුව පිළිකාව ගැන අඩමින් වීඩියෝවක් කළා ද... මෙන්න කාවින්ද්‍යා අධිකාරී තැබූ දුක් මුසු සටහන

සමිතා මුදුන්කොටුවට පිළිකාවක් ඇති බවත් ඇය හඬමින් ප්‍රථම වතාවට කළ වීඩියෝව ලෙස සඳහන් කරමින් youtube වීඩියෝවක් සංස්කරණය කර නිකුත් කර තිබෙනවා.

මෙය නැරඹු රසික රසිකාවියන් ඉතා දුකට පත්ව ඊට සිය අදහස් එකතු කර තිබුණා.

මෙම අසත්‍ය වීඩියෝව සම්බන්ධයෙන් ඇගේ දුව කාවින්ද්‍යා අධිකාරී ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

"ඉවසං ඉන්නවා හැමදාම මොන මගුල දැම්මත්.. හැබැයි මේ වගේ බොරු කතා පතුරුවන එක ගැන නම් ඉවසන්නේ නෑ...
ඇත්තටම අත පය තියෙනවා නම්, මෙච්චර කතා හොඳට ගොතලා බොරු දේවල් කියන්න, කරන්න, හදන්න වෙලාවක් තියෙනවා නං අනුන්ගේ ජීවිත ගැන බොරු නොදා තමන්ට වැඩක් වෙන දෙයක් කරගන්න උත්සහ කරන්න බැරි ද?
තව මනුස්සයෙක් ගෙ ජීවිතේ ගැන බොරු ගොතලා මොකක් ද ඒ ලැබෙන අමුතු ලල් එක?

මීට ටික කාලෙකට කලින් මම මහණ වෙලා කිව්වා, මම කෝටිපති ව්‍යාපාරකයෙක් එක්ක යාලූයි කිව්වා, මම බැන්ඳට පස්සේ මාසෙකින් divorce කිව්වා, මෑතකදී මම pregnant කියලා, දවස් කීපයකින් මගෙ ළමයා නැති වෙලා කිව්වා...
මෙවැනි නොයෙක් කටකතා පැතිරුණා. හැබැයි සමහර දේවල් ඉවසන්න අමාරුයි.

මං ගැන ඕන මගුලක් දාගන්න, මට ඒක ඉවසන්න පුලුවන්. හැබැයි මෙවැනි දරුණු කටකතා මම ඉවසන්නේ නෑ!
මේ රටේ ලෝකේ වෙන දේවල් අප්පිරියයි... සමහර මිනිස්සුන් ගෙ හිත්වල තියෙන එවා අප්ප්‍රසන්ණයි! මනුස්සකං ඉහලින් තියෙන රටක් කිව්වාට කෝ? මනුස්සයෙක් ව රිද්දලා, ඔවුන් ව අසරණ කරලා දාන එක ද මනුස්සකම?

මගේ මම්මා (අම්මා ගෙ අම්මා) ගැන කියන කතාවක වීඩියෝවක් edit කරලා මේ video එකේ ඇතුලත් කරලා තියෙන්නේ...
මේවා බලන බොහෝ දෙනාගෙන් කාරුණිකව ඉල්ලන්න තියෙන්නේ... ඔයාලා social media වල දකින හැමදේම විශ්වාස කරන්න එපා, අපි අපේ කටින් media වල දෙයක් කිව්වොත් ඇරෙන්න.

අපි හැමදාටම ජීවත් වෙන මිනිස්සු නෙමේ දෙයියනේ! මේ ඉන්න ටික කාලෙ වත් මනුස්සයෙක් ට සැනසීමෙන් ජීවත් වෙන්න දෙන්න තාමන් ගෙ පාඩුවේ අනෙකා රිද්දන්න වැඩ නොකර! " යනුවෙන් කාවින්ද්‍යා අධිකාරී ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබුණා.

කාවින්ද්‍යා අධිකාරීගේ ෆේස්බුක් ගිණුමට අදහස් දක්වමින් බොහෝ දෙනා මෙවැනි අසත්‍ය වීඩියෝ සැකසීම හෙලා දැක තිබුණා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka