ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් යොදාගනිමින් ෆේස්බුක් (Facebook) සමූහ සහ පිටු පවත්වාගෙන ගිය 21 හැවිරිදි තරුණයෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 2026 අගෝස්තු 27 වන දින උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස වටලා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අදාළ කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසිනි.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ ජංගම දුරකථනයද ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වේ. ඩිජිටල් අවකාශය තුළ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ගෞරවයට හානි කරමින් මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වන තැනැත්තන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.
