gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

වෙන් වී යන්නට දවස පැමිණ ඇත... නන්දා මාලිනීගේ වියෝව වෙනුවෙන් අභිෂේකා සංවේදී වෙයි!

දශක අටකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකේය සංගීත හා සංස්කෘතික ක්ෂේත්‍රය පෝෂණය කළ ස්වර්ණමය හඬ හිමි ප්‍රවීණ සංගීතවේදිනී, විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. 

මියයන විට ඇය 82 වන හැවිරිදි වියේ පසුවූ අතර, නාවල පිහිටි ඇයගේ නිවසේදී මෙම වියෝව සිදුව ඇත.

ශ්‍රී ලංකේය ගීත කලාවේ එක් යුගයක් නියෝජනය කළ ඇය, ළමා වියේදී "බුදු සාදු මම සඳුන් ගසක් වෙන්නම්" ගීතයෙන් කලා ලොවට පිවිස, පසුව ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ගුරුහරුකම් යටතේ "රන්මුතු දූව" චිත්‍රපටයෙන් සිනමා ගීත ක්ෂේත්‍රයට ද දායක විය. ඇයගේ වියෝව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ ශෝක පණිවුඩයක් ඉදිරිපත් කළ අතර, කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ තම සංවේගය පළ කරමින් සිටිති.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka