gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කෙසෙල්වත්ත ප්‍රබල මත් ජාවාරම්කරුගේ සුරූපී බිරිඳව රූම් ඇද්ද පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්!

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධදැයි සැකපිට, කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳක් සමඟ ලැගුම්හලක කාමරයක් තුළ සමීපව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරි වැඩ තහනම් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඡායාරූප ශිල්පියකු ලෙස රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි. අදාළ නිලධාරියා 2026 ජූලි 27 වැනිදා රාජකාරියේ නිරතව සිටියදී කෙසෙල්වත්ත පොලිස් වසමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳ සමඟ කොළඹ 02, ලිලී වීදිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගොස් ඇති අතර, එහිදී ගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ.

මෙම නිලධාරියා අදාළ කාන්තාව සමඟ පවත්වාගෙන ගිය සම්බන්ධතාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හෝ ජාවාරමට කිසියම් ආකාරයකින් සහාය ලබාදී ඇත්දැයි සොයා මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, විමර්ශන කටයුතුවලට බාධා වීම වැළැක්වීමේ අරමුණින් ඔහුගේ වැඩ තහනම් කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka