gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ශිරාන් බාසික්ගේ ජාලය කොටුකර ගැනීමට පොලිස් මෙහෙයුම්: දේපළ පාලනය කළ ටියුෂන් ගුරා පලා යයි

කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුගේ මත්ද්‍රව්‍ය සහ ව්‍යාපාරික ජාලයේ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

එම තොරතුරුවලට අනුව, මෙම ජාවාරමට සහය දැක්වූ දේශීය සහ විදේශීයව සිටින සැකකරුවන් සිව්දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

🔶අනාවරණය වූ ප්‍රධාන තොරතුරු

▪️දේපළ භාර ටියුෂන් ගුරුවරයා

බාසික්ගේ නීති විරෝධී දේපළ පාලනය කර ඇත්තේ ජනප්‍රිය උපකාරක පන්ති (ටියුෂන්) ගුරුවරයෙකි. දැනට ප්‍රදේශයෙන් පලාගොස් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

▪️ඩුබායි හි සිටින ප්‍රධාන හිතවතිය

ජාලයේ ප්‍රධාන සැකකාරියක වන බාසික්ගේ සමීපතම හිතවතිය දැනට ඩුබායි රාජ්‍යයේ පසුවන අතර, ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය විසින් ඩුබායි පොලිසිය වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

▪️දුරකථන විද්‍යුත් දත්ත ඔස්සේ විමර්ශන

ශිරාන් බාසික් පරිහරණය කළ ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සමඟ සෘජු සබඳතා පැවැත්වූ ප්‍රබල සංවිධානාත්මක පිරිසකගේ තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබෙමින් පවතියි.

බාසික්ගේ ජාලයේ දේපළ පාලනය කළ ප්‍රධානියා ඇතුළු පිරිස දැනට පලාගොස් සිටියද, මෙම විද්‍යුත් දත්ත පදනම් කරගනිමින් ඉදිරි දින කිහිපය තුළ ජාලයේ සියලුම සාමාජිකයින් කොටු කරගැනීමට පොලිසිය අපේක්ෂා කරයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka