ඇහැළියගොඩ, ඇරෑපොල ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස පිහි ඇනුමකට ලක්ව මියගිය 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහෝදරිය විසින් සමාජ මාධ්‍ය වෙත තබන ලද සංවේදී සටහනක් බොහෝ දෙනෙකුගේ නෙතඟට කඳුළු උනන සිදුවීමක් බවට පත්ව තිබේ.
"කාටත් කරදරයක් නැතුව හිටපු, අම්මා එක්ක නිදාගත්තු මගේ මල්ලිව මගේ ඇස් දෙක ඉස්සරහම මරලා දැම්මේ ඇයි?" යනුවෙන් අසමින් ඇය තැබූ මෙම සටහනින්, මියගිය සිය බාල සොහොයුරා කෙරෙහි ඇය තුළ පැවති අපරිමිත ආදරය මෙන්ම සිදුවූ ඝාතනය හමුවේ විඳින දරාගත නොහැකි වේදනාවද මනාව පිළිඹිබු වේ.
කූඩැල්ලෙකු පවා විසි කළහොත් ඌ මියයතැයි සිතා අතේ රඳවාගෙන ආ තරම් අහිංසක ගුණප්‍රමාණවලින් යුක්ත වූ සිය සොහොයුරා, සිත ඇතුළේ කොතෙක් හීන තබාගෙන සිටින්නට ඇත්දැයි ඇය දැඩි සංවේගයෙන් මතක් කර සිටින්නීය.
තමන්ට සිටි එකම සහෝදරයා අහිමි වූ එම අසරණ පවුලේ ශෝකය ප්‍රකාශ කරමින්, මතු ආත්මයක නැවතත් සිය මගේම දරුවෙකු වී ඉපදෙන්නැයි ප්‍රාර්ථනා කරමින් ඇය තැබූ මෙම සටහන මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත.
