gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 14 දා!

2021 වසරේ පැවැති 'ශ්‍රී ලංකා විවාහක රූ රැජින' තරගයේ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ හිසෙන් බලහත්කාරයෙන් කිරුළ ගලවා ඇයට තුවාල සිදුකළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් 14 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ තීන්දු කළේය. 

හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ ප්‍රකට නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර යන මහත්මීන් මෙහි සැකකාරියන් වන අතර, නඩුවේ සාක්ෂි විභාග කර අවසන් වූ බැවින් ඉදිරි දිනයේදී තීන්දුව ලබාදෙන බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය. 2021 වසරේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති අවසාන මහා තරගයේදී වේදිකාවට ගොඩවී පහරදී කිරුළ ගැලවූ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර, අදාළ නඩුවේ සැකකාරියක ලෙස නම් කර සිටි මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය ඊයේ දිනයේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. 

මියයන විට 46 වැනි වියේ පසුවූ ඇය දේශීය මෙන්ම ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රය නියෝජනය කරමින් විශාල මෙහෙවරක් ඉටුකළ තැනැත්තියකි. අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබියදී සිදුවූ ඇගේ මෙම හදිසි වියෝව මෙරට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට මෙන්ම ඇගේ සහෘද පිරිසටද දැඩි කම්පනයක් සහ සංවේගයක් ගෙන දී තිබේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka