ගුරුවරියක් වෙන්න ඇය හීන දකින්න ඇත්තේ ගොඩක් කාලෙක ඉඳලා වෙන ඇති. දරුවන්ගේ ජීවිත ආදරයෙන් පුරවන්න පුළුවන් විශේෂ චරිතයක් වෙන්න ඒ නිසාම ඇයට පුළුවන් වෙලා. මේ කියන්න යන කතාව ඇයට ඒ තරම් සුවිශේෂී වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නවාද..? අද මේ දරුවන් ලබාගත්ත ජයග්‍රහණය ඇයට ලොකු ශක්තියක් වෙලා. ආදරණීය ගුරු මවක් විදිහට, ඔවුන්ගේ ජීවිතය මේ තරම් දුරකට සාර්ථක කරලා දෙන්න ඇයට ලැබුණ ඒ වරම ගැන නදීෂානි වීරතුංග නම් වූ මේ ආදරණීය ගුරුවරිය අද කතා කරන්නේ හරිම ආසාවෙන්.. තමන්ගේ ජීවිතයට විශේෂ වුණු ඒ දරුවන්ගේ ජයග්‍රහණය ගැන ඇය කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
"මේ ගුරු ජිවිතේ O/L දරුවෝ 3යි මට හිටියේ. ඔක්කොම මට හිටියේ පොඩි දරුවෝ.
මං පොඩි දරුවන්ට උගන්වන්න ආස නිසා මන් ලොකු දරුවොන්ට පන්ති කලේම නෑ මේ දරුවො 3 ඇරුනාම.
උන් 3 තුන් විදියක්.
එකෙක් මොකක් කිව්වත් තේරුම් ගන්නවා.
අනිකාට පුලුවන් හැම විදියටම කියලා දෙන්න ඕන.
අනිකිට හැම විදියකටමත් කියලා දිලා තවත් කියලා දෙන්න ඕන.
මට තියන ලොකුම සතුට උන් 3 ම ගොඩ
A 1, C 2.
ඉතිම් මම ගුරුවරියක් විදියට පාස් කියලා මට අද තේරෙනවා.
මගේ දරුවනේ උබලට සුභම වෙන්න ඕන.."
