gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

Washroom ගිය සිසුවියක් නිසා NSBM සිසුන් දෙපිරිසක් ගුටි ඇන ගෙන ජීවිතයක් අහිමි වූ හෝමාගම හෝටල් සාදයේ අඳුරු පුවත

හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් මියගිය 19 හැවිරිදි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබා දී තිබේ. මූලික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවන්ට අනුව, මරණයට හේතු වූ මාරාන්තික තුවාල සිරුරේ බාහිරින් දක්නට නොලැබෙන බව පොලිසිය ප්‍රකාශ කළේය. 

ඒ අනුව මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා සිරුරේ කොටස් වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ විශ්වවිද්‍යාලයේ පැවති අලුත් අවුරුදු උත්සවයකින් අනතුරුව, සිසුන් පිරිසක් පෞද්ගලිකව සංවිධානය කළ සාදයක් අතරතුරදීය. හෝමාගම ප්‍රදේශයේම පිහිටි හෝටලයක පැවති මෙම සාදය අතරතුර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ වාචික තර්කයක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබේ. ගැටුම අතරතුර ඇද වැටුණු සිසුවා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි අතර, තවත් සිසුවෙකු තුවාල ලබා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

පොලිස් විමර්ශනවලට අනුව, සිද්ධියට මුල් වී ඇත්තේ සාදය අතරතුර වැසිකිළිය වෙත ගිය සිසුවියක් පසුපස තවත් සිසුවෙකු ලුහුබැඳ යාමයි. එය දුටු මියගිය සිසුවා වන යසිත් චතුක, අදාළ සිසුවාට පහර දීමට උත්සාහ කර ඇති අතර ඉන් අනතුරුව අනෙක් පාර්ශවයේ මිතුරන් මැදිහත් වීමෙන් ගැටුම ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇත. හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී මියගිය සිසුවා පිහිනුම් තටාකය අසල ඇද වැටෙන අයුරු නිරීක්ෂණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මියගිය සිසුවා හිරිපිටිය, නිකදළුපොත පදිංචි 19 හැවිරිදි යසිත් චතුක නැමැති අයෙකි. ඔහු එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දක්ෂ සිසුවෙකි. සිසුවාගේ අකල් මරණය හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි ශෝකජනක තත්ත්වයක් හටගෙන ඇති අතර, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා මේ වන විට දේහය නිවස වෙත රැගෙන ගොස් තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු මේ වන විට හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, විද්‍යාත්මක සාක්ෂි සහ CCTV දර්ශන ඔස්සේ මරණයට සෘජු හේතුව කුමක්ද යන්න පිළිබඳව හෝමාගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka