gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ලක්ෂ 10 දිනුම රැගෙන එද්දී සිදුවූ මාරක අනතුරින් මිතුරා මරුට!

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ දහයක ජයග්‍රාහී මුදලක් ලබාගෙන සිය මිතුරා සමග යතුරුපැදියකින් ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු, හොරණ පොකුණුවිට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සම්මුගම් ආනන්ද නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර, කොළඹ සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ අදාළ යතුරුපැදිය, පොකුණුවිට වැලිගම්පිටිය ප්‍රදේශයේදී රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල වූ බෝක්කුවක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිය පැදවූ 24 හැවිරිදි තරුණයා ද තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. 

මෙම ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ උපදෙස් මත, රථ වාහන අංශයේ ස්ථානාධිපති විමල් ආනන්ද මහතාගේ මෙහෙයවීම යටතේ හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka