gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”මෙරට වටිනාම රංගන ශිල්පිණිය වූ ඇයට කරන්න යන විනාසය වළක්වන්න” – වෙන්ව ගිය නිළි රැජිණිය වෙනුවෙන් ලකී ඩයස් ආවේගශීලී වෙයි

කලා ලෝකයේ ඉන්න කලා තරු අතර ප්‍රවීණ වගේම සෘජු අදහස් ප්‍රකාශ කරන රංගන ශිල්පියෙක් ලෙස ලකී ඩයස්ව හඳුන්වන්න පුළුවන්.

ඔහු සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ නිතර දකින්නට ලැබෙන අයෙක් නොවුණත් මෑතකදී ඔහු තමන්ගේ මුහුණුපොතට එකතු කළ සටහනක් ගැන හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා.

ඒ අප අතරින් වෙන්වූ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රතිරූපයට හානි කරන්නට මාන බලන පිරිසක් ගැනයි.

අඳාළ සටහන පහතින්,

” මම සාමාන්‍යයෙන් Social Media ඇතුලෙ දකින්නට නැති, දඟලන්නේ නැති කෙනෙක්. ඒත් මේක පෝස්ට් කරන්නේ, අපේ ආත්මාර්ථකාමී, ගොන් රැල, මෙරට වටිනාම රංග ශිල්පිණිය වූ ඇයට කරන්න යන විනාසය පෙනෙන මානයේ තිබෙන නිසාය. පුළුවන් නම් වළක්වා ගැනීමටය. දැනටමත් වටිනාම දෙතුන් දෙනෙක්ගේ ජීවිත, එවැනි ඉරණම් වලට ලක්ව ඇති බවත් ආරංචියි. පුළුවන් අය, විශේෂයෙන් පවුලේ අය, මැදිහත්වී ඇයගේ ප්‍රතිරූපයට වන්නට යන විනාසය වළක්වන්න. තව අවුරුදු දෙසීයක් වුණත් ඇයව ජීවත් කරවීමට ඇය රඟපෑ සිය ගණනක් වූ නිර්මාණ හොඳටම ඇති. ඇයට ජීවිත කතා අනවශ්‍යයි. Biopic අනවශ්‍යයි. ආත්මාර්ථකාමී, බොරු ආදර හැඟීම් පෙන්නන, ගොබ්බ බයිස්කෝප් කාරයින්ටයි මේ ආයාචනය.”

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka