gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සිරමැදිරියේ දොර ඇරිය විගස පොලිසියත් තල්ලු කරමින් මතුගම ‘කට්ටා’ පලායයි!

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2200ක් සමග අත්අඩංගුවට ගෙන මතුගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරියක රඳවා සිටි ‘මතුගම ඉද්දගොඩ කට්ටා’ නැමැති 29 හැවිරිදි සැකකරු ඊයේ (08) රාත්‍රියේ පොලිස් භාරයෙන් මිදී පලාගොස් තිබේ. 

බීමත්ව රිය පැදවූ වෙනත් පුද්ගලයෙකු සිරමැදිරියට දැමීම සඳහා රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයා විසින් එහි දොර විවෘත කළ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔහු මෙලෙස පළා ගොස් ඇත.

දොර විවෘත කරනවාත් සමගම ක්ෂණිකව ක්‍රියාත්මක වූ සැකකරු, සිරමැදිරියේ දොර සහ අදාළ පොලිස් නිලධාරියාවද තල්ලු කර දමා මෙලෙස එළියට පැන තිබේ. 

පලායන සැකකරු අල්ලා ගැනීමට නිලධාරියා දැඩි උත්සාහයක නිරත වුවද, අඳුරත් සමග නොපෙනී ගිය මෙම සැකකරු නැවත අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka