gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පෙම් සබඳතාවක අමනාපයක් දුරදිග යාමෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු දිවි තොරකරගනී!

බුත්තල, යුදගනාව වැලිමඩයාය ප්‍රදේශයෙන් අතිශය කනගාටුදායක පුවතක් වාර්තා වේ. පසුගිය 07 වැනිදා උදෑසන එම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට, එහි ප්‍රතිඵල අපේක්ෂාවෙන් පුද්ගලික උපකාරක පන්ති සඳහාද සහභාගී වෙමින් සිටි වැදිගේ දසුන් මධුශාන් පෙරේරා නැමැති යොවුන් සිසුවෙකි.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ප්‍රදේශයේම ශිෂ්‍යාවක් සමඟ පැවති ප්‍රේම සම්බන්ධතාවකදී ඇතිවූ අමනාපයක් හේතුවෙන් ඇතිවූ දැඩි සිත් තැවුලක් මත මෙම සිසුවා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, බුත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත මාරසිංහ මහතාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka