පෙරේදා දිනයේ ඉතා අලංකාර ලෙස විවෘත කළ නව ලංගම බස් නැවතුම්පොළට එක දවසක් යාමටත් මත්තෙන් ඇතැම් අදූරදර්ශී පුද්ගලයින් විසින් හානි කර තිබීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.
ජනතාවගේ ආකල්ප යහපත් අතට හැරෙන්නේ නැතිව කොතරම් නවීන පහසුකම් ගොඩනැගුවත් ඉන් කිසිදු පලක් නොවන අතර, මෙලෙස හැසිරෙන පිරිසට හරියන්නේ එතැන කලින් තිබුණු ජරාජීර්ණ වූ පැරණි පරිසරයම බව සිතෙන තරමට මෙම ක්‍රියාව පිළිකුල් සහගතය.
මෙම අශෝභන තත්ත්වය වහාම පාලනය කිරීම සඳහා මුළු බස් නැවතුම්පොළම ආවරණය වන පරිදි CCTV කැමරා පද්ධතියක් සවි කළ යුතු අතර, මෙලෙස පොදු දේපළ විනාශ කරන සියලු දෙනා හඳුනාගෙන ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි දඩුවම් සහ විශාල දඩ මුදලක් නියම කිරීමට බලධාරීන් වහාම ක්‍රියා කළ යුතුව ඇත.
