gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”මගෙ අම්මා ගෙවල්වල වැඩකාරකම් පවා කරලා තියෙනවා මාව හදන්න…අම්මා ශක්තිමත් වෙලා ඒ දවස්වල වැඩ කළේ නැත්නම්, මම හිතන්නෙ නෑ අද මම ජීවත්වෙනවා කියලා.” – ශෙහානි

ජනප්‍රිය නිළි ශෙහානි කහඳවල, අම්මා ගැන කියූ ආදරණීය කතාව….

”මගෙ අම්මගෙ තරුණ කාලේ සම්පූර්ණයෙන්ම මම වෙනුවෙන් තමයි වැය කළේ. එයා ගැන ඇත්තටම හිතුවෙවත් නෑ.

යාළුවෙක්ගෙන්වත් සපෝර්ට් එකක් නැතුව තමයි එයා මේ තැනට එන්නෙ.

මම මේක අනිවාර්යෙන්ම කියන්න ඕනි මගෙ අම්මා ගෙවල්වල වැඩකාරකම් පවා කරලා තියෙනවා මාව හදන්න. එච්චර දුක් විඳලා තියෙනවා.

මම හරිම ආඩම්බරයි මගෙ අම්මයි මමයි අද මෙතෙන්ට ඇවිත් හරිම ලස්සනට කකුල් දෙකෙන් හිටගෙන ප්‍රේක්ෂකයො ඉස්සරහ මේ විදියට හිනාවෙලා කතා කරන්න ලැබෙන එක ගැන සහ නිදහසේ හුස්ම ගන්න ලැබෙන එක ගැන.

ඒකට මම ස්තූතිවන්ත වෙන්නෙ මගෙ අම්මට.

මොකද එයා හරියට ශක්තිමත් වෙලා ඒ දවස්වල වැඩ කළේ නැත්නම් මම වෙනුවෙන්, මම හිතන්නෙ නෑ අද මම මෙතන ජීවත්වෙනවා කියලා. සමහරවිට මම මැරිලා ඉන්නත් පුළුවන්. එයා තමයි මගේ ජීවිතේ මට හමුවුණු ලොකුම තෑග්ග.

සමහරවිට අනාගතේ මම දරුවෙක් හදන්න පුළුවන්, මට ස්වාමි පුරුෂයෙක් හම්බෙන්න පුළුවන්.
නමුත් කවදාවත් ඒ කිසිම කෙනෙක් අංක එක වෙන්නෙ නෑ, මගෙ අම්මා ඇරෙන්න….”

උපුටාගැනීම : TV Derana අම්මයි දුවයි වැඩසටහනින්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka