gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"මල්ලි පනින්න එපා… ඕක පරණ ලිඳක්…" - දරු පැටියෙක්ග්‍රෙ ජීවිතය වෙනුවෙන් අඩි 30ක් ගැඹුරු ලිඳට පැන්න නිර්භීත තරුණයෙක් ගැන ඇසෙන කතාවක් මෙන්න

“අනේ මහත්තයෝ… ඒ වෙලාව මතක් වුණාම දැනුත් ඇඟ සීතල වෙනවා. පරණ, ගැඹුරු, අඩි තිහක් විතර තියෙන ළිඳක්. එකපාරටම අවුරුදු දෙකක පුංචි දරු වෙක් ඒකට වැටුණා. අම්මා කෑගහගෙන අඬනවා… වටේ හිටපු මිනිස්සු බය වෙලා බලන් හිටියා විතරයි. කාටවත් පනින්න හයියක් තිබුණේ නැහැ.

ඒ අතරේ පාරෙන් ගිය තරුණයෙක් බයික් එක නතර කරලා දුවගෙන ආවා. ළිඳ ඇතුළෙන් වතුර කැළඹෙන සද්දෙත්, බුබුළු ටිකත් පේනවා විතරයි. ඒ කොල්ලා තත්පරයක්වත් කල්පනා කළේ නැහැ.
තමන් ඇඳන් හිටපු ජැකට් එක ගලවලා අර අම්මට මෙහෙම කිව්වා…

‘අක්කේ බය වෙන්න එපා… මම දරු වව අරන් එන්නම්.’

එහෙම කියලා කිසිම ලණුවක්වත් නැතුව එකවරම ළිඳට පැන්නා. වතුරට වැටුණු සද්දෙ ඇහුණා… ඊට පස්සේ හැමතැනම නිශ්ශබ්දයි. අම්මා ළිඳ කට ළඟ බිම වැටිලා හඬනවා.
ටික වෙලාවකින් ළිඳ යටින් හති දාන හඬක් ඇහුණා…

‘මල්ලිලා… ද රුවා හම්බුණා! හු ස්ම තියෙනවා… ඉක්මනට ලණුවක් දාන්න!’

ඒ වචන ඇහුණ ගමන් හැමෝගෙම ඇගට පණක් ආවේ. ටික වෙලාවකින් දරුවව පපුවට තද කරගෙන, හති දදා, අමාරුවෙන් ගොඩට ආවා ඒ කොල්ලා.

තමන්ගේ ජීවිතේ පවා නොසලකා, අනුන්ගේ දරුවෙක් බේරගන්න මර ණය ළඟටම පැනලා යන්න පුළුවන් මිනිස්සු තාම මේ ලෝකේ ඉන්නවා මහත්තයෝ… එහෙම අයව තමයි දෙවියෝ වගේ මිනිස්සු කියන්නේ.”

ගාමිණී චමින්ද නම් ඒ වීර මනුස්සයාට අපගේ ගෞරවනීය උත්තමාචාරය!

උපුටා ගන්නා ලදි

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka