අප්‍රිකානු කලාපයේ පමණක් තිබූ Snail fever නැමති මෙම බිහිසුණු පරපෝෂිත රෝගය දැන් ජාත්‍යන්තරව පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා ⚠️
⠀
චීනය සහ ඉන්දුනීසියාව ඇතුළු ලොව පුරා රටවල් 78කින් මේ වන විටත් ආසාදිතයන් වාර්තා වී අවසන් 🌍
⠀
මේ රෝගය ගැන ඔබ දැනගත යුතුම භයානක කරුණු කිහිපයක් 📈
⠀
🔴 පරපෝෂිත කීටයන් ඉතා සූක්ෂමව සම සිදුරු කරගෙන ශරීරයට ඇතුළු වී රුධිරයේ සැඟවී සිටිනවා
⠀
🔴 උන්ගේ බිත්තර අක්මාව, පෙනහලු සහ විශේෂයෙන්ම ලිංගික අවයව තුළ තැන්පත් වෙනවා
⠀
🔴 කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුවත් ශරීරය තුළ සැඟවී සිටීමේ හැකියාව පවතිනවා
⠀
🔴 රෝගය උත්සන්න වූ විට පිළිකා මෙන්ම මරණය පවා අත් විය හැකියි
⠀
මෙය පාලනය කිරීම අතිශය දුෂ්කර මට්ටමකට පරිණාමය වෙමින් පවතින බවට විද්‍යාඥයින් පවසනවා 🔥
⠀
විශේෂයෙන්ම කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් මෙන්ම කුඩා දරුවන් ද මේ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුමයි 🚨
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

