gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සඳට හොඳටම ළං වූ ඔරායන් ආපසු හැරෙයි – ගඟනගාමී ක්‍රිස්ටිනාගෙන් ආසියාවට පණිවිඩයක්!

චන්ද්‍රයා වටා ගමන් කළ ඔරායන් අභ්‍යවකාශ යානයේ සිටින ගගනගාමීන්, විනාඩි 40ක නිහඬතාවයකින් පසුව නැවතත් පෘථිවිය සමඟ සබඳතා ඇතිකර ගැනීමට සමත් වී තිබෙනවා.

සඳේ පිටුපස අඳුරු කලාපයේ ගමන් කළ කාලය තුළ ඔවුන්ට පෘථිවිය සමඟ තිබූ සබඳතාව තාවකාලිකව බිඳ වැටී තිබුණා.

නැවතත් පෘථිවිය හා සම්බන්ධ වූ අවස්ථාවේදී අභ්‍යවකාශගාමී ක්‍රිස්ටිනා කොක් හැඟීම්බරව පවසා සිටියේ, ”නැවතත් පෘථිවියේ හඬ ඇසීම මොනතරම් සතුටක්ද?” කියායි.

ආසියාව, අප්‍රිකාව සහ ඕෂනියා කලාපයේ වැසියන් අමතමින්, ”පෘථිවියේ සිට ඔබ සඳ දෙස බලන විට, අපි සඳේ සිට ඔබ දෙස බලා සිටිමු” යැයි ඇය වැඩිදුරටත් පැවසුවා.

ආටිමිස් 2 ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමේදී ගගනගාමීන් සුවිශේෂී ලෝක වාර්තාවක් ද පිහිටුවා තිබෙනවා.

ඒ, 1970 වසරේ ඇපලෝ 13 යානය පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමමින්, පෘථිවියේ සිට මිනිසෙකු ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය වාර්තා කරමින්.

තවත් විශේෂ සිදුවීමක් වූයේ, මෙහෙයුමේ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්ගේ අභාවප්‍රාප්ත බිරිඳ සිහිවීම පිණිස සඳෙහි ඇති එක් ආවාටයකට ‘කැරොල්‘ යන නම තැබීමට ඔවුන් ගත් තීරණයයි.

දැන් ඔරායන් යානය සිය චන්ද්‍ර ගමන නිමා කර නැවත පෘථිවිය බලා ඒමට සූදානම්.

ඒ සංකේතවත් කරමින් ගගනගාමීන් තමන් පැළඳ සිටි නිල ලාංඡනය ද පෘථිවිය දෙසට හැරෙන සේ වෙනස් කර තිබෙනවා.

ඉදිරි පැය කිහිපය තුළ ඔවුන්ට අභ්‍යවකාශයේ සිට සූර්යග්‍රහණයක් නැරඹීමට ද දුර්ලභ අවස්ථාවක් හිමිවනු ඇති.

මේ අතර ඔරායන් යානය සඳෙහි අඳුරු පැත්ත හරහා ගමන් කළ විනාඩි 40ක නිහඬ කාලයේදී ගගනගාමින් විසින් ලබාගත් සදෙහි සමීප හා දුර්ලභ ඡායාරූප ඉදිරි පැය කිහිපය තුළ ලෝකයට අනාවරණ කෙරෙනු ඇතැයිද විශ්වාස කෙරෙනවා.

මෙහෙයුම සැලසුම් කළ පරිදිම සිදුවුවහොත් යානය නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබෙන්නේ ලබන 10 වනදායි.

අනාගතයේදී සඳ මත ජනාවාස පිහිටුවීම සහ අඟහරු ගවේෂණවලදී අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයක් සඳ යොදා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම ආටිමිස් 2 මෙහෙයුම සිදු කෙරෙනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka