gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඉරානයේ ඉරණම විසදන්න ජනපති ට්‍රම්ප් දුන් අවසන් පැය කිහිපය ඇරඹෙයි!

අමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද නවතම සාම යෝජනාවද ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබියදී ගැටුම් සාකච්ඡාවෙන් අවසන් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් අවසන් පැය කිහිපය දැන් එළඹ තිබෙනවා.

ගැටුම් සාකච්ඡාවෙන් අවසන් කර ගැනීමට අමෙරිකානු වෙලාවෙන් අද රාත්‍රී 8 දක්වා පමණක් ඉරානයට කාලය ලබාදෙන බවයි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙම කාලය තුළ ගැටුම් සාකච්ඡාවෙන් විසඳා නොගතහොත් ඉරානයට අපායේ දඬුවම් විඳීමට සිදුවනු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට කාලරාමු දක්වමින් අනතුරු ඇඟවීම් කළ පළමු අවස්ථාව මෙය නොවෙයි.

මීට පෙර අවස්ථාවකද අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස කාල රාමු දක්වමින් ඉරානයට අනතුරු ඇඟවීමක් කළා.

එහෙත් ප්‍රකාශිත කාලය අවසන් වීමට ආසන්නව තිබියදී ඔහු කියා සිටියේ ඉරානයෙන් සුබ ප්‍රතිචාර ලැබුණු නිසා ප්‍රහාර සැලසුම් දින කිහිපයකට අත්හිටුවන බවයි.

එසේ තිබියදී සුභ ප්‍රතිචාර පිළිබඳ අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉරානය ප්‍රතික්‍ෂේප කළා.

දැන් නැවත එළඹ තිබෙන්නේ ඊට සමාන තත්ත්වයක්.

අමෙරිකාව විසින් තවත් සාම යෝජනාවක් ඉදිරිපත් කරන ලද නමුත් සටන් විරාමයක් සදහා වු එම යෝජනාව ද ඉරානය නිල වශයෙන් ඊයේ ප්‍රතික්‍ෂේප කළා.

ඉරාන රජයේ පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කරන්නේ, තාවකාලික සටන් විරාමයකට වඩා යුද්ධය ස්ථිර ලෙසම අවසන් කිරීමේ අවශ්‍යතාව ඉරානය අවධාරණය කරන බවයි.

ඒ අනුව කරුණු 10කින් යුත් ප්‍රති යෝජනාවක් ඉරානය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එමගින් ඉරානය ඉල්ලා සිටින්නේ කලාපයේ සතුරුකම් අවසන් කිරීම, හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සහ පනවා ඇති සම්බාධක ඉවත් කිරීම වැනි කොන්දේසි කිහිපයකට අමෙරිකාව එකඟ විය යුතු බවයි.

තාවකාලික සටන් විරාමයක් යනු ඇමරිකාවට සහ ඊශ්‍රායලයට නැවත සංවිධානය වී ප්‍රහාර එල්ල කිරීමට ලබා දෙන අවස්ථාවක් බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බාකයි පවසනවා.

සටන් විරාමයක් සඳහා ඉරානය එකග නොවන්නේ ඒ නිසා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර, ධවල මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය මීට මසකට පෙර තිබූ තත්ත්වයට වඩා දැන් දුර්වල වී ඇති බවයි.

ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවට නැවත අවධාරණය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය යටත් නොවන්නේ නම් ඔවුන්ගේ විදුලි බලාගාර සහ පාලම් පවා විනාශ කරන බව ද නැවත කියා සිටියා.

කෙසේ වෙතත්, ඉරානයේ වත්මන් නායකයින් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට ඒමට තවදුරටත් උත්සාහ කරන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ.

ඉරානයේ තෙල් සම්පත පාලනය කිරීමට තමා කැමැත්තෙන් පසුවන බවද අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka