gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඔබේ නම වාහන අංක තහඩුවට? මැයි අග සිට අලුත් අංක තහඩු ක්‍රමයක්!

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන නව වාහන සඳහා සම්මත අංක තහඩු නිකුත් කිරීම එළඹෙන මැයි මාසයේ අවසානයේ සිට ආරම්භ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ බව අනාවරණය වූ අතර, එහි ඇති විශේෂිතම පුවත වන්නේ වාහන හිමිකරුගේ නම ඇතුළත් කරමින් පෞද්ගලීකරණය කළ අංක තහඩු (Personalized Number Plates) ලබාගැනීමේ ක්‍රමවේදයක් ද කඩිනමින් හඳුන්වා දීමට සැලසුම් කර තිබීමයි. 

මීට පෙර ආරක්ෂක හේතූන් මත අංක තහඩුවේ සඳහන් කළ පළාත් අක්ෂර ඉවත් කිරීමට තීරණය කළ බවත්, පද්ධති යාවත්කාලීන කිරීමෙන් පසු ඕනෑම අයෙකුට තම නම සහිත විශේෂ අංක තහඩුවක් ලබාගැනීමට ඉදිරියේදී අවස්ථාව හිමිවන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ප්‍රියන්තා දිසානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka