මහා සංඝරත්නය වැඩම කරවමින් සිටි අවස්ථාවක, අසල සිටි වල් බල්ලෙකු හදිසියේම ආලෝකා දෙසට කඩා පැනීමට උත්සාහ කළේය.
එහෙත් එම අවස්ථාවේ එතැන සිටි ආරක්ෂකයෙකු වහාම ක්‍රියාත්මක වී ආලෝකාව වඩාගෙන ඉවතට රැගෙන යාම නිසා සුනඛයාට ඇය අසලට ළඟා වීමට නොහැකි විය.
එම මැදිහත්වීමත් සමඟ සුනඛයා එතැනින් ඉවතට ගිය අතර, සිදුවීමට ගිය බාධාව මගහැරී නැවතත් කටයුතු සාමකාමීව සිදු විය.
