gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කුණුවෙන්න බීලා මෝටර්සයිකල්වලින් ගෙදර යමින් සිටි ලළනාවෝ සිව්දෙනෙක් පොලිසියෙන් අල්ලයි

අඟුරුවාතොට ප්‍රදේශයේදී මත්පැන් පානය කර යතුරුපැදි ධාවනය කළ තරුණ කාන්තාවන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 

හොරණ සහ ගෝනපල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 26ත් 29ත් අතර වයස්වල පසුවන මෙම කාන්තාවන් පිරිස, රෙමුණ ප්‍රදේශයේ දොළක දිය නෑමට ගොස් මත්පැන් පානය කර ආපසු පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

පොලිස් රථ වාහන පරීක්ෂාවකදී මෙම සිව්දෙනාම එකම ස්ථානයකදී කොටු කර ගැනීමට හැකිවී තිබේ.

මොවුන් කාලයක සිට මෙම ස්ථානයට පැමිණ දිය නා මත්පැන් පානය කිරීමට හුරුවී ඇති බවත්, ඔවුන් දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවන් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

මත්පැන් පානය කර රිය පැදවීම මගින් මාර්ග අනතුරු සිදුවීමේ දැඩි අවදානමක් පවතින බැවින් අඟුරුවාතොට පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka