gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සාමාන්‍ය පෙළ ලියූ සිසුන් පහක් ගුරුවරියන් 16ක් AI වලින් නිරුවත් කරලා

කන්කසන්තුරය උඩුත්තරය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ගුරුවරියන් 16 දෙනෙකු ගෙන් සමන්විත සමූහ ඡායාරූපයක් AI තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කර වට්සැප් මාධ්‍ය ඔස්සේ බෙදා හැරී බව කියන එම විද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලිසිය සඳහන්කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින සිසුන් පිරිසකි.

එම විද්‍යාලයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකාර සිසුන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂා කිරිමේදි ඔහුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන වලද AI තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කරන ලද එම ගුරුවරියන්ගේ සමූහ ඡායාරූපය අඩංගුව තිබූ බව පොලිසිය සඳහන් කියයි.

(ලංකාදීප)

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka