gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කුෂ් එක්ක ඇල්ලූ හිමිවරු සිවුරු හැර උසාවියට!

කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගැනුණු භික්ෂූන් විසි දෙදෙනාගේ සිවුරු හරණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

එම භික්ෂූන්ගේ සිවුරු හරණය කිරීම පිළිබඳව ත්‍රෛනිකාය විසින් ඉදිරියේදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැනුම් දීමට නියමිතය.

එම භික්ෂූන් අධිකරණ නඩු විභාගයේදී යම් හෙයකින් නිවැරදිකරුවන් වුවහොත් නැවත පැවිදි දිවියට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (28) පැවති සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.

ඒ අනුව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුමැතිය පරිදි ඉදිරි දිනෙකදී එම භික්ෂූන්ගේ සිවුරු හරණය කිරීමට නියමිතව තිබෙන බව දැන ගන්නට ඇත.

ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී අදහස් දක්වමින් මහා සංඝරත්නය ජනාධිපතිවරයාට පවසා ඇත්තේ වත්මන් ප්‍රවණතා සමග සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම භික්ෂූන් වහන්සේට පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත්ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් නිකුත් කර තිබෙන නිවේදනය සමස්ත සංඝ සමාජයේ පණිවිඩය ලෙස සලකා කටයුතු කරන ලෙස ද මෙහිදී මහා සංඝරත්නය රජයෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබීම මෙම සිදුවීම සමග මනාව තහවුරු වන බවයි.

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවට නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමි, නාරම්පනාවේ ආනන්ද අස්ගිරි අනුනාහිමි, ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල, මහවෙල ශ්‍රී රතනපාල, වෙලගෙදර ශ්‍රී සුමනජෝති, ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද, ආචාර්ය මුරුද්දෙණිය ශ්‍රී ධම්මරතන, අත්තන්ගනේ රතනපාල, අත්තන්ගනේ ශාසනරතන, සුහදගම අනුරුද්ධ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරිසීවලී, නියෝජ්‍ය ලේඛකාධිකාරී අහංගම මෛත්‍රීමූර්ති යන ස්වාමීන්වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහභාගී වූහ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka