gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අම්මාව දකින්න ඕන නම් සද දිහා බලන්න - අභ්‍යවකාශයේ ලියවුණු අසීමිත ආදර කතාව

මිනිස් ඉතිහාසයේ මෙතෙක් අභ්‍යවකාශයේ වැඩිම දුරක් ගමන් කළ ගගනගාමීන් ලෙස Artemis II කණ්ඩායම ඊයේ රාත්‍රියේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කළා. ඔවුන් සඳේ "අඳුරු පැත්ත" (Far side of the Moon) සියැසින්ම දැකගත්තා. මෙතෙක් ලොවට රහසක්ව තිබූ ඒ අඳුරු නිහඬතාව ඔවුන් ඉදිරියේ විවර වෙද්දී සියල්ලෝම විස්මයට පත්ව සිටියා.
නමුත් ඒ කණ්ඩායමේ නියමුවා වූ ග්‍රෙගරි රීඩ් වයිස්මන් (Gregory Reid Wiseman) ගේ සිත ඒ මොහොතේ හැපෙමින් තිබුණේ බිඳුණු හදවතක වේදනාවෙන්. 

මන්ද සඳේ ඒ අඳුරු පැත්තේ ඇති එක් කුඩා ආවාටයක් නම් කර තිබුණේ ඔහුගේ ආදරණීය බිරිඳගේ නමින්. ඒ "කැරොල්" ( Carroll Wiseman)
මීට වසර කිහිපයකට පෙර පිළිකා රෝගයකින්  කැරොල්  මෙලොව හැර ගියා. ඇය නික්ම ගිය දා ග්‍රෙගරිගේ මුළු ලෝකයම අඳුරු වුණා. ඔහු අභ්‍යවකාශ ගමන පවා අත්හැර දැමීමට සිතුවා. එහෙත් ඇගේ අවසාන වදන් වූයේ "ඔබ තරු අතරට යා යුතුයි... මාව සඳ මත තබන්න"යන්නයි.

ඒ පොරොන්දුව හදවතේ දරාගත් ඔහු නැවත පුහුණුවීම් ආරම්භ කළා. කැරොල් නැති ලෝකයේ ඇගේ නම තම අභ්‍යවකාශ ඇඳුමට යටින් හදවත අසලම රඳවා ගත්තේ ඇය තවමත් තමා අසලම සිටින බවට වූ එකම සාක්ෂිය ලෙසයි.

යානය පිටත් වීමට පෙර රාත්‍රියේ ග්‍රෙගරි තම දියණියන් දෙදෙනා වූ කේටි සහ එමිලි ඇඳ අසලට කැඳවා ගත්තා. ඔහුගේ කටහඬ වේදනාවෙන් වෙව්ලන්නට වුණා.

"දුවලා... තාත්තා සමහර විට ආපහු එන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාලා දුක් වෙන්න එපා. මම මේ යන්නේ ඔයාලගේ අම්මා ළඟට..."

කුඩා දියණියන් දෙදෙනා නිහඬව කඳුළු සැලුවා වැඩිමල් දියණිය ඇසුවේ එකම එක දෙයයි තාත්තේ... අපිට අම්මාව පේනවාද?

එවිට ග්‍රෙගරි තම දෙනෙතේ කඳුළු සඟවාගෙන සිනාසෙමින් මෙසේ පිළිතුරු දුන්නා
"ඔව් දුවලා... අද රෑ ඉඳලා ඔයාලා නින්දට යන හැමදාම සඳ දිහා බලන්න. අම්මා එතන ඉන්නවා. මමත් එතනම ඉන්නම්. අපි දෙන්නම ඔයාලව හැමදාම බලාගෙන ඉන්නවා."
Artemis II මෙහෙයුම අතරතුර සඳේ අඳුරු පැත්තට ඉහළින් ගමන් කරද්දී ග්‍රෙගරි තම බිරිඳගේ නම සහිත ආවාටය Carroll Wiseman Crater ලෙස හැඳින්වෙනවා.

එදා රාත්‍රියේ ලොව පුරා දරුවන් සිහින දකිනා වෙලාවක ග්‍රෙගරිගේ දියණියන් සඳ දෙස බලා සිටියා. ඔවුන් දුටුවේ හුදෙක් අජීවී චන්ද්‍රයෙක් නොවේ. ඔවුන් දුටුවේ තම පියාගේ නිමක් නැති ආදරය සහ විශ්වයේ කිසිදු අඳුරකට නිවා දැමිය නොහැකි මවකගේ සදාකාලික සෙනෙහසයි.

ආදරය කියන්නේ පෘථිවියට පමණක් සීමා වූ දෙයක් නොවන බවට මෙය කදිම සාක්ෂියක් නේද? කැරොල් ඇය දැන් සඳ මත ඇති ආවාටයක් පමණක් නොවේ. ඇය තම දියණියන්ගේ රාත්‍රී අහසේ සදාතනිකව පායන තරුවකි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka