කොරියාවේ රස්සාවල් කරන්න ගිය අපේ කොල්ලොන්ට දැන් "ලංකාවේ රස" කොරියාවේදීම විඳින්න අවස්ථාව ලැබිලා කියලා අලුත්ම ආරංචි මාර්ග පවසනවා. හැබැයි මේ කියන්නේ කෑම බීම ගැන නෙවෙයි!
මෑතක ඉඳන් ලංකාවේ ඉන්න "සුපිරි" මට්ටමේ සහ ජනප්‍රිය තරුණියන් රැසක් Tourist Visa මගින් කොරියාවට පැමිණීම විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.
මෙහි ඇති විශේෂත්වය තමයි මේ හැමෝම එන්නේ කොරියාවේ වැඩ කරන ශ්‍රී ලාංකික තරුණයන් ඉලක්ක කරගෙන වීමයි.
* සිදුවන්නේ කුමක්ද?
ලංකාවේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අලුත් විදිහේ "බිස්නස්" එකක් දැන් කරළියට ඇවිත්. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ සහ සමාජ මාධ්‍යවල කැපී පෙනෙන තරුණියන්, කොරියාවේ වෙසෙන ලාංකික තරුණයන්ගේ ආරාධනයෙන් හෝ තැරැව්කරුවන් මාර්ගයෙන් කොරියාවට පියාසර කරනවා.
ඉහළ මිලක්: මොවුන් දින කිහිපයක කාලයක් සඳහා ලබාගන්නා මුදල ලංකාවේ මුදලින් ලක්ෂ ගණනක් වන බවයි වාර්තා වෙන්නේ.
Luxury Life: කොරියාවේ තරුණ හෝටල් සහ සුඛෝපභෝගී නිවාසවල මොවුන් වෙනුවෙන් සියලු පහසුකම් සැලසෙනවා.
රහසිගත ගනුදෙනු: මේ සියල්ල සිදුවන්නේ ඉතාමත් රහසිගතව, සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් විශ්වාසවන්ත පුද්ගලයන් හරහා පමණයි.
* කොල්ලන්ගේ සල්ලි කාබාසිනියා වෙනවාද?
කොරියාවේ අව්වට වැස්සට තැම්බිලා, රෑ දවල් නැතුව කම්හල් වල මහන්සි වෙලා අපේ කොල්ලෝ හම්බ කරන සල්ලි, මේ වගේ "සැප" වලට නාස්ති කරන එක ගැන දැන් සමාජ මාධ්‍යවල ලොකු විවාදයක් ගොඩනැගිලා තියෙනවා.
"අමාරුවෙන් හම්බ කරලා ලංකාවට එවන්න තියෙන සල්ලි, දවස් දෙක තුනක සතුටකට දිය කරලා දාන එක අපරාධයක්" - සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක්.
* මෙහි ඇති අවදානම
මේ විදිහට ටුවරිස්ට් වීසා වලින් ඇවිත් කරන වැඩ නිසා ඉදිරියේදී නීත්‍යානුකූලව කොරියාවට යන්න ඉන්න තරුණ තරුණියන්ටත් වීසා ගැටළු ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම කොරියානු බලධාරීන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් සඳහන්......

