gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

බිරිඳ ඉටි රෙදි ගසා නිවෙස වෙන්කරගෙන...9 වැනි අනියම් බිරිඳ ගෙදරට එක්කගෙන ආපු බාබර්ට වෙච්ච දේ!

තම බිරිඳට හා දරුවන්ට නොසලකා හැර නම වන අනියම් බිරිඳ ද නිවසට රැගෙන විත් තබා ගත් පුද්ගලයකුට ගම්පොළ පොලිසිය මගින් නීතිමය පියවර ගැනීමට පියවර ගෙන තිබේ.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මෙම පුද්ගලයා ආරක්ෂක අංශයක කරණවෑමියකු ලෙස සේවය කොට පසුව ගම්පොළ ප්‍රදේශයේ ග්‍රාමීය නගරයක බාබර් සාප්පුවක් පවත්වාගෙන යන්නෙකි.

විවාහකයකු වන ඔහුට දරුවන් තිදෙනෙක් සිටින අතර වැඩිමලා දොළොස් හැවිරිදි දියණියකි.

මොහු විසින් වරින් වර පවත්වන අනියම් සබඳතාවල ගැහැනුන් ඔහුගේ නිවසට රැගෙන ගොස් පවුල් කෑම සිදුකරන බවට ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබේ. බිරිඳ බිය ගන්වා එම නිවසේම කාමරයක නව යුවළ සිටින්නේ දරුවන් හා බිරිඳ වෙන්කොට ඉටි රෙදි ගසා නිවස වෙන් කරගෙන බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙවර ඔහු තමාගේ අනියම් බිරිඳ කරගෙන ඇත්තේ තමාගේම ඥාතිවරියක් වන අතර එම අනියම් බිරිඳ ද නිවසට රැගෙන ආපසු මේ සම්බන්ධයෙන් බිරිඳගේ මව පොලිසියට පැමිණිලි කර තිබේ.

මොහු තම පාසල් යන දරුවන්ට හා බිරිඳට නොසලකන බව අනාවරණය වීම සමග ඒ සම්බන්ධයෙන් මෙම සිව් දෙනාට නඩත්තු ලබාගැනීම සඳහා ගම්පොළ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කර තිබේ.

ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්සංක කාංගර ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශය මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka