මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ආණ්ඩුව, මොකද මේ පක්ෂය රජයක් පිහිටවපු පලවෙනි වතාව තමයි මේ.. ඉතින් ලංකාවේ හැමෝම බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව කලින් ආණ්ඩු කරපු වැරදි නොකර රට හොඳ තැනකට අරගෙන ඒවි කියලා.. ඉතින් ඒ දේවල් එහෙම වෙද්දී ආණ්ඩුවේ වැරදි ගැනත් විවිද කතා, අදහස් යෝජනා, චෝදනා තැන් තැන් වල අහන්න දකින්න ලැබෙනවා, ඉතින් අද අපේ කතාව ඒ දේවල් ගැන,
අද අපේ කතා නායකයන් දෙදෙනා තමයි "ධහර" පුවත්පතේ ප්‍රධාන කර්තෘ අතුල සමරවීර මහතා සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අතුල සමරවීර (ඔහු වැඩසටහන මෙහෙය වන්නා), මේ දෙදෙනා පසුගිය දිනක පවත්වපු වැඩසටහනකදී වර්තමාන ආණ්ඩුවේ ප්‍රභලයින් ගැන රසබර දේවල් කිහිපයක් හෙලිකලා...
මේ වැඩසටනේදී කියන විදියට අතුල සමරවීර තඹුත්තේ ගමට යන්නේ 60 ගණන් වල, ඔහු කියන විදියට ඔහු අනුරාධ පුරය ගැන නොදන්නා දෙයක් නොමැති තරම්.. ''නගරයේ ගමේ ඉන්න වඩේ කාරයාගේ ඉඳන් ලොකු මුදලාලි දක්වා මගෙත් එක්ක සම්බන්දතා තියෙනවා'' කියලයි ඔහු කියන්නේ..
මේ වැඩ සටහනේදී අතුල සමරවීර විශේෂ ප්‍රකාශ කිහිපයක්ම කරනවා ඒ ජනාධිපති අනුර කුමාර, කේ.ඩී ලාල්කාන්ත, වසන්ත සමරංහ ගේ වත්කම් ගැන,
ඔහු කියන විදියට මේ තුන්දෙනාගෙන් කිසිම කෙනෙක්ට මේ විදියේ වත්කම් තියෙන්න විදියක් නැහැ,
ඒ වගේම වත්මන් ජනපති අනුර කුමාර ගැන ඔහුගේ මුල්ම මතක ගැන කියන්නේ මෙහෙමයි '' මට මතකේ එයාගේ බාප්පා අපේ ඉස්කෝලෙට ආවා නිවල් රත්නායක නම. මොකද එයා අපේ පන්ති හිටියේ. එයා යුධ හමුදාවේ හිටියේ, එයා නැති වෙන්නේ LTTE ය අතින්, මෙයාගේ සහෝදරයෙක් හිටියා නාගානන්ද කියලා. නිමල් රත්නායකත් එක්ක එනවා ආර් දිසානායක කියලා එක්කෙනෙක්, තාම ජීවිතුන් අතර ඉන්නවා, නිමල රත්න කියන්නේ හරිම හොඳ කොල්ලෙක්, හරි ඉවසීමක් තියෙන හරි පිළිවල තියෙන මනුස්සක්, පස්සේ මිනිහා ඉස්කෝලේ ගියාට පස්සේ ඈත් වුණා. අනුර කුමාර මට වඩා අවුරුදු 3ක් බාලයි,'' කියලා...
ඒ වගේම වසන්ත සමරසිංහ මහත්මයා ගැන කියන්නේ මෙහෙම කතාවක් ''එයාලට ටියුෂන් ක්ලාස් එකක් තිබ්බා, මුලින් පටන් ගන්න කොට සර්ලා තුන්දෙනෙක් එක්ක පටන් ගත්තේ, සෙනවි රත්න කියලා කෙනෙක් හිටියා ඒ අපේ බොහොම හොඳ මිත්‍රයෙක් තව හිටියා දයා රාජගුරු කියලා එක්කෙනෙක්, බීශනේ ඉවර වුන ගමන්, එයාලනම් පාරටවත් බැස්සේ නැහැ, ඒ පවුල අපි එක්ක ගොඩක් හිතවත්, එයාලා බොහොම අමාරුවෙන් ජීවත් වුනේ, පාරම්පරික දේපල තිබ්බ අය නෙවෙයි, වසන්ත සමරසිංහ අපේ මල්ලිලාගේ පන්තියේ, ඉතින් ඒ ගොල්ලෝ දැන් මේ ඔක්කොම කියන්නේ අනුර කුමාරලා එහෙම කොචිචියේ වඩේ වික්කා, ටොපි වික්කා කියලා අපිත් ඒ කෝච්චියේ ගියේ හැබැයි අපිනම් එයාලා දැකලා නැහැ'' කියලයි,
ඒ වගේම අනුර කුමාරගේ බිරිඳ ගැනත් ඔහු විශේෂ ප්‍රකාශයක් මේ වැඩසටහනේදී කරලා තිබ්බා ඒ '' පුංචි අම්මගේ කතා ගැන එක එක කතා කියනවනේ.. මම නම් දන්නේ ඔය නිමල් රත්නායකගේ නෝනා සම්බන්දව විතරයි, අපේ පන්තියේ හිටියා කියපු නිමල් රත්නායකයේ නෝනා එක්ක, අනුර ගේ බාප්පා තමයි නිමල්, ඒක කියන්න දේකුත් නෙවෙයි, නිමල් මැරුණට පස්සේ අනුර එයාට පිහිට වුනා, ඒ කාලේ වැන්දබු කට්ටියට තව විවාහයක් කරගන්න පුළුවන් කියලා මහින්ද මහත්තයා තමා කලේ, නැත්තන් ගෑනු වේලි වේලි කොටු පැන පැන නේ හිටියේ, මහින්ද තමයි නීත්‍යානුකුලව වැඩේ කරලා දුන්නේ,'' කියලා,...
ඉතින් මේ වගේ දේවල් ගොඩක් ගැන අතුල සමරවීර මහතා විශේෂ හෙළිදරවු ගොඩක් කරලා තිබ්බා, ඉතින් මේ දේවල් ගැන ඔයාලට හිතෙන්නේ මොනවද...?
- අමුතු
