gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නාන කාමරයේ සිටි තරුණියක් වීඩියෝ කළ පුද්ගලයෙකු රිමාන්ඩ්: කොළඹ 7 ප්‍රභූ නිවසක සිදුවූ අපරාධයක් හෙළිවේ!

කොළඹ 7, ටොරින්ටන් පෙදෙසේ නිවසක පදිංචිව සිටි 25 හැවිරිදි කායවර්ධන උපදේශකවරියක් දිය නාමින් සිටියදී ඇයව රහසිගතව වීඩියෝ කර ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු එළඹෙන මස 4 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා පෙරේදා (22) නියෝග කළේය. 

බදුල්ල ප්‍රදේශයේ සිට කොළඹට පැමිණ කුලී පදනම මත පදිංචිව සිටින මෙම තරුණිය කරන ලද පැමිණිල්ලකට අනුව මරදමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සැකකරු පැමිණිලිකාරිය පදිංචිව සිටි නිවසට යාබද නිවසේ කුලී පදනම මත නතර වී සිටි අයෙකු බවයි. ඇය නාන කාමරයේ සිටින අවස්ථාවේදී එහි වූ කවුළුවක් අතරින් සැකකරු තම ජංගම දුරකථනය උපයෝගී කරගනිමින් දර්ශන පටිගත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් සැකකරුට ඇප ලබා නොදී රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලීමක් කළ ද, මහෙස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරමින් සැකකරු රිමාන්ඩ් කිරීමටත්, විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් වාර්තා කිරීමටත් නියෝග කළේය. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka