2026 වසරේ මැයි මාසයේ යෙදී තිබූ රජයේ නිවාඩු දින සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව මීට පෙර මැයි 02 වැනිදාට ලබා දීමට නියමිතව තිබූ රජයේ නිවාඩුව අවලංගු කර ඇති අතර, එම නිවාඩුව මැයි 31 වැනිදා දක්වා සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ, ඊට පසු දින එනම් මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
වෙසක් පොහෝය මැයි 1 සහ 2 යන දිනවලට යෙදී තිබුණ ද, මහානායක හිමිවරුන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කර ඇත.
මේ අනුව, 2026 වෙසක් සතිය මැයි 27 වැනිදා සිට ජූනි 02 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍ය මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සංශෝධනයත් සමඟ මැයි මස අවසානයේ දී දීර්ඝ නිවාඩු කාලසීමාවක් ජනතාවට හිමි වනු ඇත.
