gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දියේ ගිල්වූ මට්ටක්කුලියේ මනුෂ්‍ය ඝාතනය : සැකකරුවන් 5ක් STF දැලේ!

මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස්, ගෙල සිරකර දියේ ගිල්වා ඝාතනය කිරීමේ අමානුෂික සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී පසුගිය (25) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරුවන් වයස අවුරුදු 23ත් 36ත් අතර පසුවන කොළඹ 15 සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

පසුගිය 22 වන දින සිදු වූ මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එය පුද්ගලික ආරවුලක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව පොලිසිය දැඩි අවධානය යොමු කර ඇත. විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඔවුන් පෙරේදා (26) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka