gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දරුවා රුපියල් 40,000කට විකුණා අනියම් සැමියාට ෆෝන් එකක් අරන්... ඉතිරි සල්ලිවලින් අනෙක් දරුවාට අවශ්‍යය බෙහෙත් අරන්!

මිනිස්කම පවා ලැජ්ජාවට පත් කරමින්, කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී වයස අවුරුදු දෙකක සිඟිති දරුවෙකු රුපියල් 40,000ක මුදලකට විකිණීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. 

දරුවාගේ මව සහ ඇයගේ අනියම් සැමියා එක්ව සිදුකළ මෙම ජාවාරම අනාවරණය වී ඇත්තේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා පොලිසියට කළ දැනුම්දීමකට අනුවය. කටුනායක ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මෙම දරුවා මුදලට ලබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව ඇතුළු තිදෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දරුවා විකුණා ලබාගත් රුපියල් 40,000 ක මුදලින් අනියම් සැමියා සඳහා රුපියල් 15,000ක් වටිනා ජංගම දුරකථනයක් මිලදී ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. එමෙන්ම, රුපියල් 10,000ක මුදලක් වියදම් කර පවුලේ සිටින අනෙක් සිව් හැවිරිදි දැරිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන ඇති අතර, ඉතිරි මුදලින් ඔවුන් ලබාගෙන තිබූ ණයක් පියවා ඇති බව ද අනාවරණය වී ඇත. හදවත කම්පා කරවන කරුණ නම්, සිය සිඟිති දරුවා විකිණීමට හේතුව ලෙස මව පවසා ඇත්තේ සිය අනෙක් දියණිය පීඩා විඳින තැලිසීමියා රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා මෙය සිදුකළ බවයි.

ග්‍රාම නිලධාරීවරයාට මඟතොටදී ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් මෙම ජාවාරම හෙළි වූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. දරිද්‍රතාවය සහ පෞද්ගලික අවශ්‍යතා හමුවේ ලේ කිරි කර පෙවූ දරුවෙකු මෙලෙස මුදලට හුවමාරු වීම සමාජය තුළ දැඩි කතාබහක් සහ කණගාටුවක් ඇති කර තිබේ. දරුවා මිලදී ගත් කාන්තාවට මෙම තොරතුරු ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ධර්මපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka