gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සමාජ මාධ්‍ය කැළඹූ "හෙල්මට් චණ්ඩියාගේ" සෙල්ලම් අවසන් : 27 තෙක් රිමාන්ඩ්!

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ, යතුරුපැදි හිස්වැසුමකින් (Helmet) පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියට අදාළ සැකකරු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

 පහර කෑමට ලක්වූ පුද්ගලයා මැහුම් 5ක තුවාල ලබා ඇති බැවින් අද දින අධිකරණයට ඉදිරිපත් නොවූ අතර, සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මීළඟ නඩු වාරයේදී මුහුණ ආවරණය කරමින් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට වැඩිදුරටත් නියෝග කර තිබේ.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ කුලියාපිටිය දියකලමුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මලිත් දුෂ්‍යන්ත නැමැත්තෙකි. පොලිසිය අධිකරණයට කරුණු දක්වා සිටියේ මොහු මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරු වූ, මහාධිකරණයේ තවත් නඩු දෙකක් විභාග වෙමින් පවතින ලියාපදිංචි අපරාධකරුවෙකු බවයි. 

වඩාත් කම්පනයට කරුණ නම්, මෙම පහරදීම සිදු කර ඇත්තේ ද ඔහු අධිකරණයේ විභාග වූ නඩුවකට සහභාගී වී පැමිණීමෙන් අනතුරුව වීම සහ එම අවස්ථාවේදීත් ඔහු ගංජා හා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී තිබීමයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka