gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ජීවිතයක් බේරාගැනීමේ වරදට රුපියල් 50,000ක දඩයක්!

පසුගියදා කොන්ද කැඩුණු පිඹුරෙකුට ප්‍රතිකාර කර උගේ ජීවිතය බේරාගත් කරුණාවන්ත තරුණයා ඔබට මතක ඇති. 

නමුත් අද වන විට ඔහුට ඒ උතුම් ක්‍රියාව වෙනුවෙන් අත්ව ඇති ඉරණම අතිශය කණගාටුදායකය; වනජීවී නිලධාරීන් විසින් ඔහුව අධිකරණයට යොමු කිරීමෙන් පසු අද දින ඔහුට රුපියල් 50,000ක දඩයක් නියම කර තිබෙනවා. 

මෙතෙක් කල් අනන්තවත් අසරණ සර්පයින් සුවපත් කරමින් විශාල සේවයක් කළ මේ තරුණයා, මේ සිදුවීමත් සමඟ දැඩි සේ කලකිරී මින් ඉදිරියට පිඹුරන් වැනි නීතියෙන් ආරක්ෂිත කිසිදු සතෙකු බේරාගැනීමට හෝ ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් නොවන බව පවසා ඇත. 

සත්ත්ව කරුණාවෙන් පිරුණු මිනිසුන්ට අපේ රටේ නීතියෙන් ලැබෙන මේ "අගනා" තෑග්ග සැබවින්ම විශාල ඛේදවාචකයකි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka