gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දස වසරකට පසු හැබෑවක් වුණු සිහිනය... රටම ආදරය කළ 'ඉෂී අම්මා' ඇත්තටම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ...

‘දිව්‍යංකා ත්‍රීපති දාහියා’ කියනවට වඩා ඇයව අපිට සමීප ‘ඉෂිතා භල්ලාහ්’ එහෙමත් නැත්නම් ”ඉෂී අම්මා” හැටියට.

‘මේ ආදරයයි’ (Yeh Hai Mohabbatein) ටෙලි නිර්මාණය ඔස්සේ, ලාංකේය රසික හදවත්වලට සමීප වුණු ඒ ”ඉෂී අම්මා” ඇත්තටම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ.

දිව්‍යංකා – විවේක් යුවළ මේ විදියට දෙමාපියන් වෙන්න සැරසෙන්නේ, විවාහයෙන් වසර 10කට පසුව.

දෙන්නා විවාහ වෙන්නෙ 2016 වසරේදී.

යුවළ එළඹෙන ජුනි මාසයේදී සිය පළමු දරුවා මෙලොවට බිහිකිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි ආරංචිය.

ඒ සුබ පණිවුඩය ගැන ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ කාටත් දැනුම් දීලා තිබුණා.

දිව්‍යංකා ත්‍රීපති – විවේක් දාහියා දෙමාපියන් වෙන්න තීරණය කරලා තිබුණෙ වයස අවුරුදු 40 ද ඉක්මවූවාට පසුව.

ඒ ගමන ගැන දිව්‍යංකා මේ විදියට කතා කරලා තිබුණා..

“මේ ගමන ඉවසීමෙන් සහ නිහඬ බලාපොරොත්තුවකින් පිරුණු එකක්.
සෑම මසකම පාහේ මම strips පරීක්ෂා කරමින් බලා සිටියා.
අවසානයේ එය හැබෑ විට, මට ඒ බව අදහා ගැනීමටත් කාලයක් ගතවුණා”

ඒ වගේම ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තමා සිය ආහාර රටාව සහ ශරීරය ගැන ඉතා කල්පනාකාරී වුණු බව.

විවේක්ට අනුව මෙය ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ මොහොතක්.

“මුලින්ම මට මෙය අදහා ගැනීමට නොහැකි වුණා, පසුව යම් තැතිගැන්මක් ඇති වුණා.
නමුත් දැන් මම ඒ වගකීම භාර ගැනීමට සූදානම්”

මෙතන ලස්සනම කතාව තමයි, විවේක් කියන හැටියට දිව්‍යංකාට වඩා ඔහුට දැන් විවිධ ආහාර සඳහා දැඩි ආශාවක් ඇතිවීම.

බොහෝ දෙනා වයස අවුරුදු 40න් පසු ගැබ් ගැනීම අවදානම් සහගත (High-risk) ලෙස සැලකුවත්, මේ යුවළ නම් කියන්නෙ මේ වයසේදී තමන්ට වැඩි මානසික පැහැදිලි බවක් සහ පරිණතභාවයක් පවතින බැවින් එය දෙමාපියන් වීමට ලොකු ශක්තියක් වන බව.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka