gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ජයසූරිය ඉල්ලා අස්වෙයි! ලෝක කුසලාන ගමන අදින් නිමයි!

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙස ඉවතට විසිවීමත් සමඟ, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය වන අද (28) පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ඔහු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අවසන් අවස්ථාව වනු ඇත.

ඔහු මෙලෙස සමුගැනීමට තීරණය කර ඇත්තේ කණ්ඩායම ලැබූ පසුබෑම හමුවේ දැඩි කණගාටුවෙන් බවත් පැවසෙයි.

2023 වසරේ දෙසැම්බර් මාසයේදී සහාය උපදේශක ලෙස සිය සේවය ආරම්භ කළ ජයසූරිය මහතා, 2024 ඔක්තෝබර් මාසයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය.

ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිඵලය කුමක් වුවද, ඉන් අනතුරුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු වසර මුලදීම දන්වා තිබූ බව ද දැනගන්නට ඇත.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය හිමිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ක්‍රීඩා ලෝලීන් විශාල බලාපොරොත්තුවක් තබා සිටියහ.

කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙතැයි බොහෝ දෙනා විශ්වාස කළ ද, අවසානයේ එම බලාපොරොත්තුව ගිලිහී ගියේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka