gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කලක් පුංචි තිරය හැඩ කළ ඇයව මතකද සුන්දර ඉතාලියේ වෙසෙන, ලාංකේය රුවැත්තියන් හිස කිරුළු පළඳවන ඉමායා ලියනගේ..

Miss & Mrs Beauty Queen Sri Lanka in Italy 2026 👑❤️

තරඟාවලියේ ආරම්භකයා ලෙස ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අභිමානය සහ සුන්දරත්වය ලෝකයට ගෙනයන ඇය.

Meet the Founder | Owner | Organiser :

ඇය ඉමායා ලියනගේ.

මීට වසර 12කට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා එනම් 2014 වසරේ රෑ රැජින ලෙස කිරැලු පැලදූවේ ඇයයි…..!

ඒ වනවිටත් නීතීවේදය හදාරමින් නීතීඥවරියක් වීමේ සිහිනය අසල සිටි ඇයගේ ජීවිතයේ ගමන් මඟ නොමැකෙන ලෙස සනිටුහන් වන්නේ මින් අනතුරුවයි.

එම වසරේ ලෝකයේ රටවල් 102ක් ඉදිරියේ ශ්‍රී ලාංකීය රූ රැජින ලෙස මිස් අර්ත් ලෝක රෑ රැජින තරඟයේදී “ශ්‍රී ලංකා” නාමය ඉහලින්ම රදවා මිස් අර්ත් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණය ලෙස අනු තරඟ තුනක ජයග්‍රහණයන් (Miss Talent – 2nd Place, Miss Popular – 3rd place, Miss Eco beauty video – Top 5) ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමට ඇයට හැකි වුණා…

2015 වසරේදී ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රථම නියෝජනය ලෙස මිස් ග්ලෝබල් බියුටි ක්වීන් තරඟය සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ශ්‍රී ලංකා නාමය ඉහලින්ම රඳවන්නටද ඇයගේ අත්දැකීම් සම්බාරය ඇයට ශක්තියක් වුණා.

2014 වසරේ ශ්‍රී ලංකාවේ පරිසර තනාපතිනිය ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවූයේද ඇයටයි.

එම වසරේ ටී.වී.දෙරණ මාධ්‍ය ජාලයේ මානුෂීය මෙහෙවරක් වූ “මනුසත් දෙරණ” වැඩසටහනේ තනාපතිනියක් ලෙස මානුෂීය සත්කාරයකට උරදීමටද ඇයට වාසනාව ලැබුණා.

එම වසරේ SAWC (Sentinels against wildlife crime) වනජීවි අපරාධ වලට එරෙහි සංවිධානයේ තනාපතිනියක් ලෙස තනතුරු දැරීමටද අවස්ථාව හිමිවුණා.

“මනුෂ්‍යත්වයේ හෙට දවසක්, නීරෝගිමත් ශ්‍රී ලංකාවක්” තේමා කරගත් වකුගඩු රෝගය පිලිබඳ දැනුවත් කෙරෙන ශ්‍රී ලංකාවේ “Relief” සංවිධානයේ දේශන සඳහා ලංකාව පුරා ඇති පාසල් සහ විශ්ව විද්‍යාල මට්ටමේ දැනුවත් කිරීම් සඳහා එම රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සම්බන්ධව ක්‍රියාකිරීමටද ඇයට අවස්ථාව හිමිවුණා.

2014 වසරේ Colombo fashion week සදහා නිරෑපන ශිල්පිනියක් ලෙස එක්වූ අැය එතැන් පටන් නිරෑපන ක්ශේත්‍රයේද අත්දැකිම් එකතු කරගත්තා.

පසු කාලීනව වේදිකාව (වෙල්ලස්සේ වෙඩිහඬ – 2018) , සිනමාව (පෝරිසාදයා – 2018දී සියලුම සිනමාහල්වල තිරගත විය | කුණාටුවේ මාරයා – තවම තිරගතවී නැත), ටෙලි නාට්‍ය (අන්කල් සෑම් 2016 , මුතුකුඩ 2017, මේ මමයි 2018, අපේ ආදරේ – 2018 සුමති සම්මාන උළෙල ජනප්‍රියම ටෙලි නාට්‍යය, මඩොල් කැලේ 2019) හරහා රංගන ශිල්පිනියක් ලෙස සහ channel C අායතනයේ නිවේදන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නට ඇයට මාර්ගය විවර වුණා.

2014 වසරේ සිට විවිධ වදෙස් විදෙස් රු රැජින තරග ගනනාවක විනිශ්චයකාරිනියක් ලෙස සහබාගි වි ලබාගත් අත්දැකීම් බොහෝමයක් ඇය සතුව තිබුණා.

2019දී විවාහපත් වූ ඇය අද වන විට සෙනෙහෙබර පවුල් ජීවිතයට මුල් තැන දෙමින් දයාබර සැමියා සහ ආදරණීය දරුවන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකාවෙන් දුර බැහැරව ඉතාලියේ ස්ථීර පදිංචිව සිටියි. දිගු නිහැඬියාවකට පසු නැවතත් අැයගේ මේ උත්සහය ඇයගේ ක්ශේත්‍රයට වටිනාකමක් එක් කිර්මටයි.

ඒ අනුව 2025 වසරේ සැප්තැම්බර් මස ඉතාලියේ මිලාන් නගරයේ ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු Miss & Mrs Beauty Queen Sri Lanka in Italy තරඟයේ හිමිකාරිය ඇයයි.

ඇය Miss Asia Pacific international 2026 තරඟය සඳහා “ඉතාලියේ” ජාතික අධ්‍යක්ෂකවරිය ලෙසත්, Mrs Asia International තරඟයේ සහ Mrs Tourism International තරඟයේ “ශ්‍රී ලංකාවේ” ජාතික අධ්‍යක්ෂකවරිය ලෙසත් ඇය කටයුතු කරනවා.

ඉතාලියේ “කෝමෝ ” නගරයේ ස්වාධීන කලා සංසදයේ මුල්ම සභාපතිනිය ලෙසද, ඉතාලිය සහ රුමේනියා රටවල ස්වාධීන කලා සංසදයේ “ප්‍රවර්ධන නිලධාරිනිය” ලෙස ඇය කටයුතු කරනවා.

වෙන්නප්පුව ප්‍රදේශයෙන් කොළඹ වැනි තරගකාරි සමාජයකට තනිව පැමිණ එවන් බරපතල සමාජයක උරෙනුර ගැටෙමින් බොහෝ බාධක, ගැටලු, ප්‍රතික්ෂේපවිම්, හිත් රිදීම්, බලාපොරෝතු බිදවැටිම්, මානසික පීඩා, අාත්ම ෙගෟරවයන් රැකගැනීමේ දරැණු සටන් දහසක් සමග ගැටෙමින් සාධාරණව ගමනක් පැමිණිමට අැති මාර්ගය කෙතරම් දුශ්කරද කියා හොදින් දන්නා නිසාම අැයගේ අනුදැනුම යටතේ සිදුවන මෙම වැඩසටහන විනිවිදබාවය සුරක්ශිතවූ ප්‍රමිතිකරණයෙන් ඉහල සාධාරණ හා නිවැරදි වැඩසටහනක් බවට පත්කර ගැනීමට සියල්ල නිසියාකාරව මෙහෙයවිම අැයගේ එකම බලාපොරොත්තුවයි !

මෙතැන් පටන් ජත්‍යන්තරය තරණය කරන්නට මෙවන් විදේශයන්හි තවමත් තක්සේරු නොවී සැඟවී ගිය ශ්‍රී ලාංකීය මිණි කැට සොයා, ඔප දමා ඉදිරියට රැගෙන ඒමට ඉමායා ලියනගේ සූදානම් !

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka