gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පෙති වෙනුවට වේවැල්... සිරප් වෙනුවට දම්වැල්!" - පැයට හත්දාහක් අරන් අමුතු ලෙඩ සුවකළ අඹතලේ හෝමියෝපති දොස්තර මාට්ටු!

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ලිංගික සේවා සපයන ස්ථානයක් වටලා එහි හිමිකරු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ඊයේ (24) සමත් විය. මුල්ලේරියාව අඹතලේ හන්දිය ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර, අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකි. සෙසු කාන්තාවන් හොරණ, මෝදර සහ හංවැල්ල යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය විසින් තහවුරු කර ඇත.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරකට අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදු කර තිබේ. අදාළ ස්ථානයට පැමිණෙන පුද්ගලයින්ගේ විවිධ අසාමාන්‍ය ලිංගික අවශ්‍යතා ඉටුකර දීම සඳහා පැයකට රුපියල් 7,000 සිට 10,000 දක්වා මුදලක් අය කර ඇති බව මෙහිදී අනාවරණය වී ඇත. උපාය දූතයා විසින් රුපියල් 7,000ක මුදලක් ගෙවා සේවාව ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී ලබාදුන් දුරකථන සංඥාවකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම වැටලීමේදී අදාළ ස්ථානය තුළ තිබී ගනුදෙනුකරුවන්ගේ අසාමාන්‍ය ලිංගික ආශාවන් සංසිඳුවීම සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත. ඒ අතරට විවිධ මාදිලියේ කෘත්‍රිම ලිංගික අවයව, වේවැල්, දම්වැල්, මාංචු, රබර් පටි සහ කඹ ආදිය අයත් වන බව පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka