gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අයිස් දී 14 හැවිරිදි දැරියක් බෝඩිමකදී වනසා දැමූ 22 හැවිරිදි තරුණයා කැලණියේදී දැලේ!

පට්ටිවිල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර දැරියකට 'අයිස්' මත්ද්‍රව්‍ය ලබා දී ඇයව අපයෝජනයට ලක් කළ බව කියන 22 හැවිරිදි තරුණයෙකුව කැලණිය පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. පොළොන්නරුවේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු පට්ටිවිල ප්‍රදේශයේම පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙකු වන අතර, ඔහු විසින් දැරියව කැලණිය ප්‍රදේශයේ පිහිටි සිය නවාතැන් කාමරයට (බෝඩිමට) රැගෙන ගොස් මෙම සාහසික අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපයෝජනයට ලක්වූ දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කැලණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. දේවප්‍රිය මහතාගේ උපදෙස් මත, අපරාධ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්.කේ.කේ. හේරත් සහ කාන්තා හා ළමා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂිකා ප්‍රේමරත්න යන නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka